Thursday, August 22, 2024

The American History

The history of the United States is a vast and complex narrative that spans centuries, continents, and diverse cultures. From the pre-Columbian era, when Native American societies thrived across the continent, to the present day, the story of America is one of exploration, conflict, innovation, and growth. This article delves into key periods and events that have shaped the United States, offering a comprehensive overview of how the nation evolved into the global power it is today.


The Pre-Columbian Era and Native American Cultures


Long before European settlers arrived, the Americas were home to a variety of Native American civilizations. These societies, such as the Ancestral Puebloans in the Southwest and the Iroquois Confederacy in the Northeast, developed sophisticated cultures, with their own systems of governance, trade, and spiritual beliefs. The rich diversity of Native American life was largely self-sustaining, with communities adapting to their environments and establishing complex social structures.


The arrival of European explorers in the late 15th and early 16th centuries marked the beginning of a dramatic shift in the continent's history. Christopher Columbus's 1492 voyage, sponsored by Spain, is often cited as the beginning of European colonization in the Americas. However, it was the subsequent waves of explorers and settlers from Spain, France, England, and other European nations that truly set the stage for the transformation of North America.


European Colonization and the Birth of the Nation


The 17th century saw the establishment of permanent European settlements in what would become the United States. The English founded Jamestown, Virginia, in 1607, which became the first successful English colony in North America. The Pilgrims, seeking religious freedom, established Plymouth Colony in 1620, laying the groundwork for New England's development.


The Thirteen Colonies, which stretched along the eastern seaboard, were a diverse mix of cultures, economies, and religious practices. Despite this diversity, the colonies shared a growing sense of identity and dissatisfaction with British rule. The imposition of taxes, without representation in Parliament, sparked tensions that would eventually lead to the American Revolution.


The Revolution, which began in 1775, was a struggle for independence from British rule. Led by figures such as George Washington, Thomas Jefferson, and Benjamin Franklin, the colonies fought a brutal war that culminated in the signing of the Declaration of Independence on July 4, 1776. This document not only declared the colonies' independence but also articulated the principles of liberty, equality, and self-governance that would become foundational to the new nation.


The Revolutionary War ended in 1783 with the Treaty of Paris, which recognized the sovereignty of the United States. However, the challenges of building a new nation were just beginning. The Articles of Confederation, the first governing document of the U.S., proved inadequate, leading to the drafting of the U.S. Constitution in 1787. The Constitution established a federal system of government with checks and balances, ensuring that no single branch would dominate.


Westward Expansion and the Civil War


The 19th century was a period of rapid expansion and transformation for the United States. The concept of "Manifest Destiny"—the belief that Americans were destined to expand across the continent—drove westward expansion. The Louisiana Purchase in 1803, which doubled the size of the country, and the subsequent exploration by Lewis and Clark, opened vast new territories for settlement.


As settlers moved west, conflicts with Native American tribes and Mexico intensified. The Mexican-American War (1846-1848) resulted in the U.S. acquiring large territories in the Southwest, including California and Texas. This expansion, however, exacerbated tensions over the issue of slavery, as new states were added to the Union.


The question of whether new states would be free or slave states led to deep divisions between the North and South. The election of Abraham Lincoln in 1860, who opposed the spread of slavery, triggered the secession of Southern states and the formation of the Confederacy. The Civil War (1861-1865) was the bloodiest conflict in American history, with over 600,000 lives lost.


The Union's victory in 1865 not only preserved the nation but also led to the abolition of slavery, as enshrined in the 13th Amendment. The Reconstruction era that followed sought to rebuild the South and integrate formerly enslaved people into American society. However, the period was marked by significant challenges, including the rise of Jim Crow laws that enforced racial segregation and disenfranchised Black Americans.


The Industrial Revolution and the Rise of a Global Power


The late 19th and early 20th centuries saw the United States transform into an industrial powerhouse. The Industrial Revolution brought about significant technological advancements, such as the telegraph, railroads, and mass production techniques. Cities grew rapidly as people flocked to urban areas for work in factories, and the nation's economy shifted from agriculture to industry.


During this period, the U.S. also expanded its influence overseas. The Spanish-American War in 1898 resulted in the U.S. acquiring territories like Puerto Rico, Guam, and the Philippines, signaling the nation's emergence as a global power. The early 20th century was marked by both World Wars, during which the U.S. played a crucial role in the defeat of fascism and the establishment of a new world order.


The interwar period and the Great Depression of the 1930s brought significant social and economic challenges. President Franklin D. Roosevelt's New Deal programs sought to address the economic crisis by implementing widespread reforms and creating social safety nets.


The Cold War and Civil Rights Movement


Following World War II, the United States entered the Cold War, a period of geopolitical tension with the Soviet Union. The U.S. adopted a policy of containment to prevent the spread of communism, leading to involvement in conflicts such as the Korean War and the Vietnam War. The Cold War also saw the U.S. engage in a space race with the Soviet Union, culminating in the Apollo 11 moon landing in 1969.


Domestically, the post-war period was marked by significant social change. The Civil Rights Movement of the 1950s and 1960s, led by figures such as Martin Luther King Jr. and Rosa Parks, sought to end racial segregation and secure equal rights for African Americans. Landmark legislation, including the Civil Rights Act of 1964 and the Voting Rights Act of 1965, marked significant victories for the movement.


Recent History and Contemporary Challenges


The end of the Cold War in 1991 marked the beginning of a new era for the United States. The 1990s saw economic prosperity and the rise of the internet, which transformed communication and commerce. However, the attacks on September 11, 2001, ushered in a period of conflict in the Middle East, with the U.S. engaging in wars in Afghanistan and Iraq.


In recent years, the U.S. has faced a range of challenges, including economic inequality, political polarization, and debates over immigration, healthcare, and climate change. The COVID-19 pandemic, which began in 2020, has had a profound impact on the nation, leading to significant social and economic upheaval.


Despite these challenges, the United States remains a global leader in technology, culture, and innovation. The nation's history is a testament to its resilience and ability to adapt to changing circumstances. As the U.S. continues to evolve, its history provides valuable lessons for navigating the complexities of the modern world.


The history of the United States is a dynamic and ever-evolving story, shaped by the diverse peoples, ideas, and events that have defined the nation. From its beginnings as a collection of colonies to its current status as a global superpower, the U.S. has undergone profound transformations. Understanding this history is essential for making sense of the present and preparing for the future. As we look back on the American journey, we gain insights into the challenges and opportunities that lie ahead.


 AI Generated Article (chatgpt)

Sunday, October 2, 2022

වැඩිවුන විදුලි බිල පිළිබඳව දැනගනිමු

 කරන්ට් බිල ගැන සැලකිලිමත් වන්න. 


පලමු පොයින්ට් 30ට  රු 8.00 බැගින් මුලික ගාස්තුව රු 120 ඒකට එකතුවෙනවා. ඒ කීවෙ පොයින්ට් එකයි නම් පවිච්චි කල ගාන 120+8=128යි. පොයින්ට් 20ක් ගියානම් 120+(20×8)=රු 280 යි. පොයින්ට් 30 පැන්නම පොයින්ට් එකක් 10 ගානෙ හැදෙන අතර මූලික ගාස්තුව 240ක් වෙයි, පොයින්ට් 31ක් ගියාම ගාන හදන්නෙ 240+(8×30)+10=490යි නමුත් 60 පැන්නොත් ගාන සැරයි . පොයින්ට් එකක් 16යි මූලික ගාන 360යි එනිසා අපි බලමු පොයින්ට් 60කට ගාන 240+(8×30)+(10×30)= රු 780 යි. 60ට පැනලා එකක් වැඩිවුනාම වෙනස බලන්න එක පොයින්ට් එකක් වැඩි කරලා 61 කට හදමු, 360+(61×16)=360+976=රු1336 යි දැක්කනෙ 60 සිට 61 වනවිට වෙනස 780 සිට් 1336 යන හැටි පලමු 30ට 8ගානෙ දෙවනි 30ට 10 ගානෙ හැදෙන්නෙ 60ට කලින් එතනින් එහාට ගියාම පලමු පොයින්ට් එකේ සිටම රු 16යි. එනිසා 60න් පාත බිල තියාගන්න උත්සහ කරන්න 90 දක්වා මේ රටාවට බිල සැකසෙන්නෙ. 91සිට 180 දක්වා එක පොයින්ට් එකකට 50 අයකෙරේ ස්තාවර ගාස්තුව රු 960 ක්වෙ.

   අපි පොයින්ට් 150 කදි බිල බලමු එවිට 90 දක්වා පොයින්ට් එකකට් 16 ගානෙ අයකෙරේ 61 සිට 90 දක්වා තිබු ස්තාවර ගාස්තුව 360 වෙනුවට  90 න් පසු 180 දක්වා සතාවර ගාස්තුව වන 960 එකතුවේ පලමු පොයින්ට් 90ට පසු ඉතුරු පොයින්ට්  60ට  50 බැගිනි point150=(90×16)+(60×50)+960 ලෙස වේ. 90 පැන්නම 91 සිට ස්තාවර ගාස්තුව රු 960යි  පොයින්ට් 180 සිට ඉදිරියට ස්තාවර ගාස්තුව රු 1500යි එක පොයින්ට් එකකට 75යි උදාහරනයක් විදියට පොයින්ට් 200 ක් ගතහොත් 90 දක්වා රු 16 ගානෙ 180 දක්වා රු  50 ගානෙ 180න් පසු ඉතිරි 20ට 75 ගනනෙ අයකරනවා බාවිතා කර ඇති පොයින්ට් ගානනට අදාල ස්තාවර ගාස්තුව එකතු වෙනවා

 1500+(90x16)+(90x50)+(20x75) =8940 


 එමනිසා වොට් ගාන වැඩි උපකරන බාවිතය අඩු කරන්න

මේ පෝස්ට් එකට තව එකක් ඇතුලත් කරන්න හිතුනා පොයින්ට් කියන්නෙ මොකද්ද කියලා විදුලිය මනින්නෙ volt, Amp,wots කියනඒවගෙන් වෝල්ට්×ඇම්පියර් =වොට්ස්  වෙනවා එවිට අපි බාවිත කරන උපකරනවල wots ගාන සදහන් කරලා තියෙනවා උදාහරනයකට 100w බල්බ් එකක් ගමු  මෙය පැයක් දැල්වුවහොත් 100w පැය එකෙන් වැඩිකරාම 100wh (වොට්ස් පැය )කියනවා මේ බල්බය පැය 10ක් දැල්වුවහොත් 100w×10h වෙනවා එවිට 1000wh වෙනවා ඒ කියන්නෙ 1kWh (1කිලෝවොට් පැය) ඒකට තමයි පොයින්ට්  එකක් කියන්නෙ එවිට ඔබට තේ රෙනවා 1000w හීටර්,අයන් වගේ ඒවා පැයක් බාවිත කලාම පොයින්ට්  එකක් යනවා 10w LED බල්බ් එකක් පාවිච්චි කලොත් කිලෝ වොට් පැය එකක් වෙන්න පැය 100 ක් යන්න ඕනෙ එනිසා වොට් අගය වැඩි උපකරන බාවිත කරනවිට ටිකක් කල්පනාවෙන් බාවිතා කරන්න


උපුටා ගැනීමකි ..

Friday, August 12, 2022

QR කාංචනගේ කෙරුවාව



මෑත කාලයේ ඇති වූ ඉන්දන අර්බුදය රට තුළ සාමාන්‍ය ජන ජීවිතයට ඇති කලේ මරු පහරකි. මෙයට හේතු භූත වූ කරුණු පිළිබඳව මා කතා නොකරන්නේ ඔබ මේ වන විටත් ඒ් කරුණු කාරණා පිළිබඳව දැණුමින් තෙම්පරාදු වී හමාර නිසාවෙනි මටත් ඒ් හොද්ද රස කරන්නට කිසිම අඩුමකුඩුමයක් නැත. සියල්ලම දමා පදමට ඒ හොද්ද සකස්වී හමාරය.



රට පුරා පිහිටි ඉන්දන පිරවුම්හල් අවට වූ අධික රථවාහන තදබදය, සමාජ විරෝධී ක්‍රියා පමණක් නොව දින ගණනින් අපතේ යන මිනිසුන්ගේ කාලය මේ සියල්ලම ගත් කළ රටකට මෙය ඉතාමත් බරපතල කාරනාවකි. අඩු පාඩු දකිනා විට කෑ ගසනවා වගේම හොඳක් දුටු විට එය අගය කිරීමද සිදුවිය යුතුය. 

තොරතුරු තාක්ෂණය මැණවින් රාජ්‍්‍ පරිපාලනය සඳහා යොදාගත යුතු බව මට මතක ඇති කාලයක සිට කටමැද දොඩවන කාරණයක් වී තිබුණේ පටන්ගත් ‌බහුතරයක් ව්‍යාපෘති බලාපොරොත්තු වූ තරම් ප්‍රථිපළයක් අත් නොවූ හෙයිනි. 



වත්මන් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර තාක්ෂණය නියමාකාරයෙන් ප්‍රායෝගිකව භාවිතාකොට පෙන්වීමට සමත් වී යයි මම සිතමි. ඔහුගේ දේශපාලන හා අනෙකුත් අදහස් ගැන මාගේ කිසිඳු පැහැදීමක් නැත. නමුත් ඔහු ගත් උත්සාහය ප්‍රශන්සනීයයි. 

ලැබෙන ඉන්දන ප්‍රමාණය හා ගතවන කාලය අතර යම් යම් ගැටලු ඒ් ඒ් ක්ෂේත්‍රය අනුව වෙනස් වේ, එය ද ඉදිරියේදී විසදෙනු ඇතැයි විශ්වාස තබාගෙන සිටින මා තවත් ශ්‍රී ලාංකික පුරවැසියෙකි. 

ආර්ථික අර්බුධය නිර්මානය කිරීම සදහා කවරෙකු වැරදිකරුවෙකු වූවද අද අප අත්විඳින තත්වයට අප මුහුණ දීමට නම් රටේ මහජනතාවට පමණක් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක නොවී සැමට ක්‍රියාත්මක විය යතුයැයි මම දැඩිව අවධාරණය කරමි. 

පෝලිම් වල නිකරුනේ වැය වුණු කාලය නැවැත්වීම පිළිබඳව පමණක් ප්‍රශංසා කරන අතර මණ්ඩලයේ අනෙකුත් ගසාකෑම් පිළිබඳව තවමත් ඇත්තේ පිළිකුළකි.

Tuesday, August 9, 2022

ඔබ දැනගත යුතුම රුසියානු ලේකකයින්

 www.famousauthors.org වෙබ් අඩවියේ රුසියානු ලේඛකයින් පිළිබඳව ලියා ඇති ලිපියෙන් උපුටාගත් කොටස් කිහිපයක් මෙලෙස ඔබ වෙත ගෙනඑමි.


1. ඇලෙක්සැන්ඩර් පුෂ්කින්

රුසියානු සාහිත්‍යයේ පුරෝගාමී චරිතයකි. රුසියාවේ කවියේ ස්වර්ණමය යුගයේ සාහිත්‍ය කාව්‍යයේ නිර්මාතෘවරයා වූයේ පුෂ්කින් ය. ඔහු ආදර කාව්‍ය සහ නවකතා ප්‍රභේදය හඳුන්වා දුන්නේය. ඔහුගේ පළමු කවිය ඔහු නව යොවුන් වියේදී පමණක් ප්‍රකාශයට පත් කරන ලද අතර ඉක්මනින් ඔහු රුසියාව පුරා ප්‍රසිද්ධ විය. ඔහුගේ ප්‍රධාන කෘතිය වූයේ ඔහුගේ නවකතාව වන ඉයුජින් ඔන්ජීන් ය. 


2. ඇලෙක්සැන්ඩර් සොල්සෙනිට්සින්

ඔහු රුසියානු නවකතාකරුවෙකු, ලේඛකයෙකු සහ නාට්‍යකරුවෙකු විය. කම්කරු කඳවුරු පරිපාලනය කරන සෝවියට් සංගමයේ රාජ්‍ය ආයතනය වන ගුලාග් ගැන දැනුවත් කිරීම සඳහා ඔහු සිය කාර්යය භාවිතා කළේය. ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ දායකත්වයන් අතර 'ගුලාග් දූපත් සමූහය' සහ 'අයිවන් ඩෙනිසොවිච්ගේ ජීවිතයේ එක් දිනක්' ඇතුළත් වේ.


3. අයිවන් ටර්ගිනෙව්


ඔහු නවකතාකරුවෙකු සහ කෙටිකතා රචකයෙකු වූ අතර වර්තමානයේ සම්භාව්‍ය කෘතියක් ලෙස සැලකෙන ඔහුගේ 'පියා සහ පුත්‍රයෝ' කෘතියයි මෙය මුලින් බොහෝ ප්‍රකාශකයින් විසින් ප්‍රතික්ෂේප කරන ලද කෘතියකි.


4. ව්ලැඩිමීර් නබොකොව්


මෙතුමා රුසියානු-ඇමරිකානු නවකතාකරුවෙකු සහ කීට විද්‍යාඥයෙකි. ඔහුගේ පළමු නවකතා නවය රුසියානු භාෂාවෙන් පලවූ අතර ඉන් පසුව ඔහු ඉතා ජනප්‍රිය ඉංග්‍රීසි නවකතා ලිවීමට පටන් ගත්තේය. ඔහු විසින්ත රචිත මතභේදයට තුඩු දුන් නවකතාව වන ‘ලොලිටා’ රුසියානු සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලියා සම්භාව්‍ය තත්ත්වයට පත් විය. ඔහු හත් වතාවක් ප්‍රබන්ධ සඳහා ජාතික පොත් සම්මානය සඳහා නිර්දේෂ වුණු තරඟකරුවෙක් ද විය.


5. මිහායිල් බුල්ගාකොව්


විසිවන සියවසේ මුල් භාගයේදී ක්‍රියාකාරී ලේඛකයෙක්, වෛද්‍යවරයෙක් සහ නාට්‍ය රචකයෙක් විය. ඔහු ඔහුගේ කාලයේ වඩාත්ම මතභේදාත්මක ලේඛකයා ලෙස ප්‍රකාශ කරන ලද අතර සෝවියට් සංගමයේ සමාජය පිළිබඳ ඔහුගේ උපහාස සඳහා ප්‍රසිද්ධ විය. ඔහු වෛද්‍ය විද්‍යාව පිළිබඳ අධ්‍යාපනය ලැබුවද සාහිත්‍යයට ඇති නැඹුරුව ඔහු නවකතාකරුවෙකු වීමට පොළඹවා ගත්තේය. ඔහුගේ වඩාත්ම වැදගත් කෘතිය වන්නේ ඔහුගේ 'The master and margarita' නවකතාවයි.

Friday, June 10, 2022

මා මතක (හැඳින්වීම)

 "මා මතක" මෙය ප්‍රලාපයක් නොවේ. චරිතාපදානයක් ද නොවේ.  නවකතාවක් හෝ කෙටිකතාවක් ද නොවේ. සුන්දර වූත් අසුන්දර වූත් සිද්ධීන් සමුදායක පෙළගැස්මක් ලෙස කිවහැකි මෙය මා ඍජුහෝ වක්‍රාකාරව වශයෙන් ද ඇසූ කතන්දරද සිත්ගත් චරිත විවරණද ආදී වශයෙන් ඒකි මෙකී නොකී වශයෙන් විවිධ වූ සටහන් එකතුවකි.


මිරිඟුව පසුපස හබායන මුවකු සේ ජීවිතයේ ඇතැම් කරුණු කාරනා වෙනුවෙන් ඇවිදිමින්, දුවමින්, දණගාමින්, වෙහෙසට පත් ව විඩාබර වූ මනස සුවපත් කරන්නට සාහිත්‍ය රසවින්දනය ට හා සංගීතය ට මහත් වූ විශ්මිත හැකියාවක් ඇති බව මා වටහාගත් සත්‍යතාවකි. විඩාපත් මනසට සුවයක් ගෙන ඒ්මට එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට අනන්‍යවූ විවිධ පුරුදු වලට හැඩගැසී ඇත. ඒය තමාට හා අන්‍යන්ට හිතකර හෝ අහිතකර ලෙස බලපෑමට ද පුළුවනි. අප සැම විටම අන්‍යන්ට මෙන්ම තමාට හිතකර පුරුදු පමණක් පුරුදු පුහුණු කිරීමට වගබලාගත යුතු යැයි මාගේ අදහසයි. 


මේ වෑයම කිසිවෙකුටත් ජීවිතය කියා දීමටවත් යහමගකට ගැනීමකටත් හෝ සමාජ සත්කාරයක් ලෙස නොව මාගේ චිත්ත සංතානය තුළ ඇතිවන සිතුවිළි හා මතක ගබඩාකොට තැබීමක් පමණි. මෙය කියවා බලා යමෙකුට ප්‍රීතියක් හෝ සංතෝෂයක් ලැබිය හැකිනම් එයට කිසිවෙකුගෙන් බාදාවක් නොමැත. ඇතැමෙකුට මෙය බහුභූතයක් සේ සලකා නොසලකාහැරිය හැකි අතර, බැණිය යුතුනම් හෝ ප්‍රශංසා කළ යුතුනම් අදහස් තීරය විවෘතව ඇත.


සුපුන් රුවන් පතිරණ

2022-ජුනි මස 10 වැනි දින


Friday, May 27, 2022

මඩොල්දූවට දැන් අවුරුදු හැත්තෑ පහයි


බාල, තරුණ, මහළු සැමට එකසේ රසවිඳිය හැකි වික්‍රමසිංහ මහතාගේ අග්‍රගනය වූ කෘති අතර සුවිසේශී ස්ථානයක් හිමිකරගන්නා "මඩොල් දූව" කෘතිය වර්ෂ 1947 මුල් වරට ප්‍රකාශයට පත්කරන ලදී ඒ් අදින් වසර 75ට පෙරය. ඒදා අද කියා වෙනසක් නොමැතිව තවමක් සැමට ඒක සේ රසවිඳිය හැකි කෘතියක් ලෙස මෙම කෘතිය ඉදිරියටද අපේ අනාගත පරපුරඳ වසඟයට ගනිමින් තවත් වසර ගණනාවක් ඉදිරියටත් මෙහි ජනප්‍රියත්වය පවතිනු ඇතැයි අපගේ විශ්වාසයයි.



"පල් හොරුන්" ගෙන් පටන් ගෙන "පියා හමුවීමෙ"න් අවසන් වන පරිච්ඡේද දහයක් පුරා විහිදී ගිය වීර වික්‍රමයන් අදටත් අපව මඩොල් දූවට කැඳවාගෙන යන සුන්දරත්වය මඩොල් දූව කියවූ සැමට මා අමුතුවෙන් මතක්කර දිය යුතු නොවේ. "උපාලි" ගේ දඩබ්බරකම් හා "ජින්නා"ගේ ඒකතුව මෙම කතාවේ රසවත් බවත්, කතාවට ඇඳ බැඳ තබාගැනීමට කතුවරයා මෙම චරිතයන්ට ලබා දූන් වීරත්වයත් තවම අප සිත් තුළ නොමැකෙන මතක ගබඩාකිරීමට තරම් කතුවරයා තුළ වූ දක්ශතාවය විස්මිතය.



ශ්‍රී ලංකාව තුළ පමණක් නොව විදෙස් රටවල පවා ගෞරවාදරයට පාත්‍රවූ කෘතියක් වන මෙම කෟතිය දැනට භාෂා දහයකට වැඩි ප්‍රමාණයකට පරිවර්ථනය වී ඇත.

  • ඉංග්‍රීසි භාෂාවට 1976
  • දමිළ භාෂාවට  2009
  • රුසියානු භාෂාවට 1958
  • චීන භාෂාවට 1961
  • රුමේනියන් භාෂාවට 1962
  • බල්ගේරියන් භාෂාවට 1964
  • ලන්දේසි භාෂාවට 1962
  • ඉතාලි භාෂාවට 2011
  • ජපන් භාෂාවට 2002
  • ස්වීඩන් භාෂාවට 2022

මේ වන විට සිංහල පිටපත් දස ලක්ෂයකට අධිකව අළෙවි වී ඇති මෙම ගුන්ථය පෙර සේම අදත් අද සේම මතුවටත් ඒකසේ පාඨක ආකර්ශණය දිනාගත් කෘතියක් වී හමාරය. අද පවා පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කොට ඇති මෙම කෘතිය නොබෝ දිනකින් ඊ-පබ් පිටපතක් ලෙස නිකුත් කිරීමට ද සූදානම්ව ඇති බව අප සතුටින් දැනුම් දෙමු.


Tuesday, November 19, 2019

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම

 http://www.star-clicks.com/publishers?ref=50465558  star-clicks යනු 100% ක් විශ්වාසී දැන්වීම් නරඹා මුදල් ඉපයිය හැකි වෙබ් අඩවියකි. ඉහත සබැදිය ඔස්සේ පිවිස ඔබත් ලියාපදිංචි වන්න

Thursday, November 8, 2018

රාජ්‍ය ආයතනයන්හි අන්තර්ජාල ගෙවීම් කටයුතු

පැසසුම් කල යුතු කාරණයක් වූවද,  ඒ ඒ ආයතනවල සේවය ලබා ගැනීමේදී ගෙවිය යුතුවන අමතර මුදල් ප්‍රමාණය සසදා බැලීමේදී එම අයකරගන්සානා මුදල දාරණද යන්න පිළිබද ගැටළුවක් මතුවේ. මින් පෙර  අවස්තාවක විදුලි බිල්පත ගෙවීමේදී ද මා හට ගෙවීමට සිදු වූ අමතර මුදල පිළිබදව කණගාටුවට පත්වීමි. ඊයේ දිනද එවැනිම කටයුත්තක් සිදු වුනි. ඒ නම් ආදායම් බලපත්‍රය ලබාගැනීමේදී මා හට ගෙවීමට සිදුවූ අමතර මුදල පිළිබදව මා කණගාටුවෙමි මන්ද රුපියල් 800යක මුදලක් සහ 116ක මුදලක් (රු.100ක් තැපැල් ගාස්තු හා රු.16ක සේවා ගාස්තුව) ගෙවීමට සිදුවීමයි. මේ ගෙවීම සාධාරනද යන්න ඔබගේ අදහස් දක්වන්න.

පහතින් දැක්වෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ අමතර ගාස්තුව දක්වා ඇති ආකාරයයි. (https://www.ceb.lk/instant-pay/en)



මෙහි රතු පැහැයෙන් සදහන් කොට ඇති ආකාරයට අමතර ගාස්තු ගෙවීමට සිදුවේ. තවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේද මේ ආකාරයෙන්ම මුදල් අයකරනු ලබයි. එහි දී ද අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවන බව ද දක්වයි. පහත ඇත්තේ එම විස්තර ඇතුලත්  කර ඇති ආකාරයයි.



මෙලෙස ගාස්තු අයකිරීම තුලින් සිදුවන්නේ මිනිසුන් මෙම සේවාවන් භාවිතාකිරීමෙන් ඉවත්වීම මිස ඒවා තවතවත් භාවිතා කිරීමට පෙළඹීම නොවේ. රජයක් විසින් කයිවාරු ගසමින් උත්සවශ්‍රීයෙන් වැඩකටයුතු ආරම්භ කිරීම පමණක් සිදුනොකල යුතුය ඒවා දිගුකලක් පවත්වාගෙන ක්‍රමවත්ව ගෙනයා යුතුය. මෙවැනි ක්‍රියා තුලින් සිදුවන්නේ මෙම ව්යාපෘති පාඩු ලබන ව්‍යාපෘති වීම පමණි. 

රජයක් විසින් කල්පනාකාරී විය යුත්තේ මිනිසුන්ගේ පහසුව උදෙසා වැඩකටයුතු සකස් කිරීමය. ඒවා වන් ලබා දී ඒ මත ගෙවිය යුතු බද්දක් නිර්මාණය කිරීම නොවේ. 

අන්තර්ජාල ගෙවීම් තුලින් ඉතිරිවන කාලය ලිපිද්‍රව්‍ය වියදම් අවමය නිසාවෙන් ඉතිරිවන ධනය සුලුපටු නොවේ යැයි මගේ හැගීමයි. 

මේ පිළිබදව ඔබගේ විවිද වූ අදහස් දැනගැනීමට කැමතියි. ඔබගේ අත්දැකීම් පහතින් කමෙන්ට් කරන්න

ස්තූතියි 





Sunday, April 29, 2018

ප‍්‍රථම වෙසක් දිනය

සර්වඥයන් වහන්සේ පිරිනිවන් පා වසර තුන් සියයක් පමණ ඉක්ම යනතුරුම උන් වහන්සේගේ තෙමඟුල වෙසෙසින් සැමරෙන වෙසක් උළෙලක් නොපැවති බැව් බෞද්ධ ඉතිහාසඥයින්ගේ මතයවේ.

සදහම් පණිවුඩය ලෝ දසත පතුරා බුදු දහම ලෝ දහම බවට පත් කිරීමට වෙර දැරූ අශෝක අධිරාජයාගේ සෙල් ලිපියකින් එවකට පැවති පෙරහැරක් පිළිබඳ තතු හෙළි වෙයි’ අලි ඇතුන් සහිත එම පෙරහැරේ දේව රූප ද ගෙන ගිය බව කියැවෙයි’ ඉන් පසු එවැනි උළෙලක් ගැන සඳහන් වනුයේ ඊට වසර අටසියයකට පමණ පසු ඉන්දියාවට පැමිණි පාහියන් නමැති චීන ජාතික දේශ සංචාරක භික්ෂුවගේ දේශාටන වාර්තාවෙහි ය. පාටලි පුත‍්‍ර නගරයේ පැවති පිළිම පෙරහැරක් පිළිබඳ ඔහුගේ විස්තරය පිළිවිසින ඉතිහාසඥයෝ එදා එසේ පවත්වන ලද්දේ වෙසක් උළෙල විය යුතු යයි නිගමනය කරති.

ඉන්දියාවේ මෙම උත්සවය වෛශාඛ පූර්ණිමා යනුවෙන් හඳුන්වනු ලැබේ.

දේවානම්පියතිස්ස රජතුමා (ක‍්‍රි. පු. 220-210) දෙවන වරට රාජාභිෂේක වූයේ ද වෙසක් පුන් පොහෝ දිනක දී ය. අනතුරුව දෙවනපෑතිස් මහ රජු සමයේ සිදු වූ මහින්දාගමනයෙන් පසු සතර පොහෝ දින ලක් වැසි දන උපෝසථයෙන් කල්ගත කළ බවට කරුණු හෙළිදරව් කරන මහා වංශය දුටුගැමුණු මහ රජතුමාගේ රාජ්‍ය කාලයේ වෙසක් උත්සව සූ විස්සක් පැවති බව සඳහන් කරයි. එතුමා රුවන්වැලිසෑය ගොඩනැඟීමට මුල්ගල තබන ලද්දේත් වෙසක් පුර පසළොස්වක බැව් සඳහන් වෙයි. මෙසේ හෙළ රජ දවස සිට තුන් සිංහලේ තෙමඟුල් දිනය ලෙස අබිමන් පෑ වෙසක් දින මහිමය බටහිර විදේශ ආක‍්‍රමණයෙන් පසු මිලිනවී ගියේ ය.

මෙරටට පැමිණි පෘතුගීසීන් විසින් 1770 නොවැම්බර් 1 වන දින සුවහස් කල් පැවති පොහෝ දින නිවාඩුව නැති කොට ඉරු දින නිවාඩු පණත සම්මත කරන ලදි.

වසර 300 කට ආසන්න පෘතුගීසි, ලන්දේසි, ඉංග‍්‍රිසි ආදී ත‍්‍රිවිධ බටහිර විදේශික ග‍්‍රහණ නිසා අඳුරු ආගාදයේ ගිලී තිබූ ශ‍්‍රී ලංකාවේ බෞද්ධ බලය යළි පුනර්ජීවය ලබන්නට වූයේ 1873 දී මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමිපාණන් වහන්සේ විසින් පැවැත්වූ පානදුරා වාදයේ අනුහසිනි.

වාදීහසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමිපාණන් වහන්සේගේ අභීත සිංහනාදයේ රාවය සත් සමුදුර තරණය කොට ගොස් ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල්  ඕල්කට්තුමාගේ දෙසවන නොවැකෙන්නට එවක නැග ආ බෞද්ධ පුනර්ජීවනය එතරම් ලෙහෙසියෙන් සිය අභිමතාර්ථයන් මස්තකප‍්‍රාප්ත කර ගැනීමට නොහැකිවනවා නොඅනුමානයි. එදා නැඟ ආ බෞද්ධ පුනර්ජීවනය දිග් විජය කරා මෙහෙයවනු වස් කෙරුණු අසිරිමත් ඇරයුමක් බඳු වූ පානදුරා වාදයේ කාහල නාදයෙන් කැළඹුණු  ඕල්කට්තුමා ලක්දිවට පැමිණ ඉටු කළ අනුපමේය අමරණීය සේවාව කුදු මහත් හැම සිංහලයෙකුගේම භක්ති ප‍්‍රණාමයට හේතු වෙමින් පවතී. 

කර්නල්  ඕල්කට් තුමා බ්ලැවැට්ස්කි මැතිණිය සමඟ 1880 මැයි 21 වැනි දින ගාල්ලට පැමිණියේ ය. ගාල්ලේ විජයානන්ද විහාරයේදී පූජ්‍ය අක්මීමණ ධර්මාරාම මාහිමිපාණන් වෙතින් පන්සිල් සමාදන්වී බුදු දහම වැළඳ ගත්තේය. පසුව කොළඹට පැමිණ බෞද්ධ ගිහි පැවදි උතුමන් හමු වී කරුණු සාක්ෂාත් කරගෙන 1880 ජුනි 17 දින පරම විඥානාර්ථ සමාගමේ කොළඹ ශාඛාව ඇරඹුවේය. එතැන් සිට ලක්දිව බෞද්ධ සංස්කෘතිය හා සභ්‍යත්වය දියුණු කිරීමට උරදුන් එතුමා විසින් සිංහල බෞද්ධයන් එ්කරාශී කොට පිබිදවීමටත්, උද්ඝෝෂණය කිරීමටත් සරසවි සඳරැස පත‍්‍රය අරඹන ලදි.

යුරෝපීය ආණ්ඩුව ලක්දිවට පැමිණ අවුරුදු තුන්සීයක් පමණ ගත විය. මේ කාලය තුළ දී මේ ආණ්ඩුවලින් බුද්ධාගමට පැමිණි නා නා විධ විපත් ඉතා මහති, බලහත්කාරයෙන් බෞද්ධයන්ට හිරිහැර දුන් ප‍්‍රතිකාල් ආණ්ඩුව මෙන් ද ක‍්‍රිස්තියානි වූවන්ට නිල තල දීම ගෞරව භාවයෙන් සැලකීම් ආදියෙන් බෞද්ධයන් බලහත්කාර ලෙසින් ක‍්‍රිස්තියානි කරවූ  ඕලන්දකාර ආණ්ඩුව මෙන්ද ක‍්‍රියා නොකළ නමුත් අපේ සර්ව සාධාරණ ඉංග‍්‍රීසි ආණ්ඩුවෙන් බුද්ධාගමට පැමිණි විපතුත් ස්වල්ප නොවෙයි.

මෙපවත් ලෙසින් සිය අයිතිවාසිකම් ලබා ගැනීමට ඉදිරිපත් වූ බෞද්ධාරක්ෂක සභාව  ඕල්කට්තුමාගේ යටත් විජිත භාර මහ ලේකම් වෙත යැවෙන සංදේශය ප‍්‍රධාන කරුණු සතරකින් සංගෘහිත කළහ.

1. 
සර්වඥයන් වහන්සේ ලොව පහළ වූ දවස ආණ්ඩුවේ නිවාඩු දවසක් කිරීම.

2. 
බෞද්ධ පෙරහැර නිරවුල් ලෙස නොහොත් පෙර පරිද්දෙන් බාධා රහිතව කිරීමට සලස්වා දීම.

3. 
ලංකාවේ විහාර, දේවාලගම් පවත්වා ගෙන යාම නිරවුල් ලෙස පවරා දීම.

4. 
බෞද්ධයන්ගේ විවාහ බන්ධනය කිරීමට බෞද්ධ විවාහ ලේකම්වරුන් පත් කරවා ගැනීම.

මෙම කරුණු සතර ඇතුළත් සංදේශය පිළිබඳ සම්පූර්ණ වගකීම  ඕල්කට්තුමා වෙත පැවරූ සිංහල බෞද්ධ ගිහි පැවිදි ප‍්‍රධානීහු එතුමා නිරනුමාණව, සහනදායක පිළිතුරු ලබා ගෙන එනු ඇතැයි ඒකාන්ත වශයෙන් විශ්වාස කළහ. එහි සඳහන් ප‍්‍රධාන ඉල්ලීම වූ වෙසඟ පුන් පොහෝ දිනය ප‍්‍රසිද්ධ නිවාඩු දිනයක් කිරීම සම්බන්ධයෙන් කලෙක පටන් ඔවුන් කළ ආයාචනය පිළිබඳව සරසවි සඳරැසෙ හි මෙසේ සඳහන් වෙයි.





නමුත් ආණ්ඩුව හයෙන් කොටසක් පමණ ක‍්‍රිස්තියානි ආගමේ නිවාඩු දවස් කොට අධිකරණ ශාලාදිය එකී දින වල වසතත් බෞද්ධයන්ගේ ආගම වශයෙන් ඉතා උතුම් අවකාශ දවසක් නොහොත් පුණ්‍ය කාලයක් ලෙස සලකන වෙසක් පුර පසළොස්වක් දවසවත් ආණ්ඩුවේ නිවාඩු දවස් නොකෙළේයි. ලංකාව බුද්ධාගමට කුල ගෘහයක් මෙනි. මෙහි වැසියන්ගේ ඉතා වැඩි කොටසක් ද බෞද්ධයෝය. මේ බෞද්ධයන් විසින් අවකාශ දවස් මෙන් නොහොත් ආගම් කටයුතු කරන දවස් මෙන් සලකන දවස් පණස් ගණනක් අවුරුද්ද තුළ තිබෙති. ලංකාවේ වැඩි දෙනා අදහන බුද්ධාගමේ නිවාඩු දවසක්වත් ආණ්ඩුවේ නිවාඩු දවසක් නොකොට පිටරටින් පැමිණි ආගන්තුක වූ ආගමක් අදහන ස්වල්ප දෙනාට ඒ ආගමේ කටයුතු කිරීමට අවුරුද්දෙන් හයෙන් කොටසක් අවකාශ කාලය කර පැවැත්වීම ඉංග‍්‍රීසි ආණ්ඩුවේ මහත් අයුත්තක් ලෙස සිතිය හැකිව තිබුණේයි. අනික් අතින් බෞද්ධයන් විසින් ඉතා උතුම් කොට සලකන මෙම වෙසඟ පුර පසළොස්වක් දින දී ලංකාංඩුව රාජ්‍ය කෘත්‍ය නොනවත්වා තිබීම කෙසේද කීවොත් මල්, පහන්, සුවද දුම් ආදිය රැගෙන වඳින පුදන පිණිසත්, සත්ධර්මය ශ‍්‍රවණය පිණිසත් පන්සල්වලට යන්නට සැරසී සිටින ජනයාට ඒ ගමන යන්නට එපාය කියා වචනයෙන් නොකියා ගමන වලක්වන පිණිස අධිකරණ ශාලාවට නැතිනම් කච්චේරියට එක්කෝ වෙනයම් රාජ කෘතියක් කිරීමට එන්ට කියා නියෝග කරන්නාක් මෙනි. මේ නිසා මෙකී දවස් රාජ කෘති නොනැවැත්ම බෞද්ධයන්ට බුද්ධාගම අදහන්ට ඉඩ නොදී කරන මහත් හිරිහැරයක්ය.

සමස්ත ලංකා ගිහි පැවිදි බෞද්ධයන්ගේ අයැදීම පරිදි 1884 පෙබරවාරි 08  කොළඹට පැමිණි කර්නල්  ඕල්කට් තුමා බෞද්ධාරක්ෂක සභාව මඟින් පිළියෙල කොට තිබූ සංදේශය යටත් විජිත මහ ලේකම් වෙත භාරදී සාකච්ඡුා කිරීම පිණිස එංගලංතය බලා ගියේය.

ඉන් පසු එතෙක්-මෙතක් වූ තත් සිදුවීම් හා ලැබූ ප‍්‍රථිඵල ගැනත් සරසවි සඳරැස උදම් ඇනුවේ මෙලෙසිනි.

ක‍්‍රිස්තු වර්ෂ 1880 වේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ විසි හත් වැනි දින නිකුත් කළ සරසවි සඳරැස පත‍්‍රයෙහි ද ඊට පසු නිකුත් කළ පත‍්‍රයක ද වෙසඟ පුර පසළොස්වක දින නිවාඩු දවසක් කිරීමේ යුතුකමත් එසේ කරවා ගැනීමට බෞද්ධ ජනයන් විසින් උත්සාහ කළ යුතු බවත් කියා දීර්ඝ වාක්‍ය දෙකක් ලියා පළ කළෙමු. ගිය අවුරුද්දේ පෙබරවාරි මාසයේදී කර්නල්  ඕල්කට් තුමා කොළඹ වාසී බෞද්ධයන්ගේ අයැදීම පිට ලංකාවට පැමිණි කාලයෙහි ලංකාංඩුව අතින් බෞද්ධයන්ට කරවාගත යුතුව තිබෙන දේ ගැන උතුමාණන් වහන්සේ සමඟ කතා කරද්දී  වෙසඟ පුර පසළොස්වක් දිනයත්, සිංහල අවුරුදු මංගල්‍ය දවසත් බෞද්ධයන්ගේ නිවාඩු දවසක් කිරීමේ යුතුකම සිප්කඩුවේ නායක ස්වාමිපාදයන් වහන්සේගේ අනුමතය පොදු ජනයා වෙනුවෙන් ප‍්‍රකාශ කොට කථා කෙළේය. මීට දෙතුන් දිනකට පසු විද්‍යොදය පිරිවෙණේ තෑගි බෙදා දෙන දවසේදී උතුමාණන් වහන්සේගේ එහි පැමිණීම සම්බන්ධව කථාබස් කර ගැනීමට නායක ස්වාමීන් වහන්සේ සමඟ කර්නල්  ඕල්කට් තුමා පැමිණි ප‍්‍රස්ථාවේදී ද මේ ගැන කථා කළ විට ඕල්කට් උතුමා එසේ කරන්නට කල්පනා කරන බව ඒ දෙපල සමඟ කී බව ඇසීමු, නමුදු ගිය අවුරුද්දේ වෙසක් පුර පසළොස්වක් දින දී කොහොම නමුත් ඒ නිවාඩුව නොලැබුණේයි, බෞද්ධ පෙරහැර නිරවුල් ලෙස කර ගැනීම ආදී බෞද්ධයන්ට ආගම අතින් ලංකාණ්ඩුව ලවා කරවා ගත යුතු කරුණු එංගලන්ත ආණ්ඩුවට මතක් කිරීම පිණිස කර්නල්  ඕල්කට් තුමා එංගලන්තයට පැමිණි කාලයෙහි ප‍්‍රදේශ භාර මහාමාත්‍යට ලංකාවේ බෞද්ධයන්ට  ඕනෑ කරන කරුණු මතක් කරද්දී ද හින්දු රට ඉංගිරිසි ආණ්ඩුව විසින් එහි වැඩි හින්දු වරුන්ට ආගම අතින් දී තිබෙන නිදහස ආදිය මතක් කරමින් මේ සම්බන්ධව කරුණු රාශියක් ගිය දෙසැම්බර් මාසයේ දී ආණ්ඩුවට ලියා තිබෙයි. කර්නල්  ඕලකට් තුමා ලංකාවට පැමිණි කාලයෙහිදී උතුමාණන් වහන්සේ සමඟ මේ ගැන කතා කළේය. එවිට ඇතැම් අයගේ සිංහල අවුරුදු දවස නිවාඩු දවසක් කර ගැනීමට කැමැත්තක් තිබෙන බැවින් දෙදවසක් දෙන්නට නොහැකි නිසා මෙයින් කොයි දවස තෝරා ගැනීමට බෞද්ධයන් කැමතිද යන වග ආණ්ඩුවට මතක් කරන්නට කියූ ලක උතුමා  ඕල්කට් තුමා බෞද්ධ ගිහි පැවිදි ප‍්‍රධානීන් කරා මේ සම්බන්ධව ලියුම් යැවුයේයි, මීට පසු වෙසඟ පුර පසළොස්වක් දින ආණ්ඩුවේ නිවාඩු දවසක් කොට ඒත්තු ගන්නා ලදැයි යන මේ ප‍්‍රීතිමත් ප‍්‍රවෘත්තිය අපට අහන්නට දකින්නට ලැබුණේයි. මේක ලංකාවාසී බෞද්ධ ජනයන්ට ලැබුණු මහත් ඓශ්චර්යයෙකි. මෙපමණ උතුම් වැඩක් බෞද්ධයාට කර දීමට අන්‍ය ජාතික අන්‍ය රටක උපන් මහතෙක් විසින් මෙපමණ මහත් උත්සාහයක් දැරීම කොපමණ උතුම් කොට සැලකිය යුතු ද? ලංකාවාසී බෞද්ධයන් කෙරෙහි මෙපමණ කරුණාවක් කර්නල්  ඕල්කට් තුමාගේ තිබේ ද යනු මෙයින් පෙනේ. මේ ඉසුර බෞද්ධයන්ට ගෙනදීමට ආණ්ඩුවට කාරණා මතක් කළ කර්නල්  ඕල්කට් තුමාට සහ සිප්කඩුවේ නායක ස්ථවිරයන් වහන්සේටද තව මේ ගැන උත්සාහ දැරූ කොළඹ වාසී බෞද්ධයන්ටද මුළු ලක්දිවම බෞද්ධ ජනයා විසින් එකහෙළා ස්තුති කටයුතුයි. 1885 මාර්තු 27 වැනි දින නිකුත් වූ ලංකාණ්ඩුවේ ගැසට් පත‍්‍රයේ පළ වූ නිවේදනයකින් වෙසක් දින නිවාඩුව ප‍්‍රකාශයට පත් වීමේ ප‍්‍රීතියෙන් ඇළලී ගිය ලාංකික බෞද්ධ ජනතාව රජයේ අනුමැතිය ලැබූ ප‍්‍රථම වෙසක් පොහෝ නිවාඩු දිනය ඉතා ඉහළින් පැවැත් විය.

ලාංකික බෞද්ධ ජන සමූහයා පමණක් නොව සමස්ත බෞද්ධ ලෝකයා පරමාරථ හා අධිෂ්ඨාන වශයෙන් එක් සේසත් කිරීම සඳහා සුසැදුණු බෞද්ධ ධජයක් මෙම ඓෙතිහාසික ප‍්‍රථම වෙසක් නිවාඩු දින ලක් දෙරණ මත ලෙළවීම පිණිස පිළියෙල කිරීම විශේෂ කමිටුවකට භාර කළහ. (වෙසක් කොඩිය ගැන වෙනම ලිපියක් පසුව ලියමි.)

කර්නල්  ඕල්කට් තුමාගේ මැදිහත් වීමෙන් වර්ධනය වූ බෞද්ධ පුනරුදයේ මහිමයෙන් මුල් වරට වෙසක් පුන් පොහෝ දින නිවාඩුව ලැබි හා පුරා ලක් දෙරණ මත බෞද්ධ ධජය සවණක් රැස් විහිදා ලෙළ දුන්හ. 

1885 වසරේ සිට වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක්  ලෙස පැවත පැමිණේ.



(බී.ඒ. හෙමපාල මහතාෙග් ජාතික සැමරුම් නම් කෘතිෙයන් උපුටා ගන්නා ලද්දකි.)

Tuesday, April 17, 2018

ආයුබෝවන් 2018

ලැබුවා  වූ නව වසර සැමට සාමය සතුට සපිරෙන සුභ නව වසරක් වේවා කියා සැමට ප්‍රාර්ථනා කරනවා.
යලට මහට Update කරපු මගේ බ්ලොග් එක මේ අවුරුද්දේ ඉදන් දිගටම කරගෙන යන්න කියල තමයි හිතාගෙන ඉන්නේ බලමු අපි ඉඩකඩ ලැබෙන විදියට අලුත් ලිපි update කරන්න.
එහෙනම් ගිහින් එන්නම්
හැමෝටම සුභ නව වසරක් වේවා.

Sunday, February 25, 2018

වියරුව

පරිවර්තනය පටන්ගෙන හමාරය. දැන් එය නවතාලිය හැකි නොවන්නේ එය ආරම්භ වීම පිළිබඳව අප දැන සිටියද එය නවතාලීම සඳහා කිසිවක් අප විසින් නොකල නිසාමය. මේ විනාසය පිළිබඳ අනාවැකි පලකල වුන් සිටි නමුත් ඔවුන්ගේ බස් ඇසීමට පාලකයන්ට වුවමනාවක් නොතිබුණි. අප අද මේ විදින්නට පටන්ගෙන ඇත්තේ එහි ආරම්භයයි. අවසානයක් සිතාගත නොහැකි තරම් මහා විනාශයක අභිමුව සිටිනා අපට මෙහි අවසානය දැක ගැනීමට නොහැකි වන නමුත්, එහි ආරම්භක මුල් පියවරේ අවසන් පුරුක් වන අප ඒ පිළිබඳ ලජ්ජා විය යුතුය. එහි අනතුර මතු පරපුරට ඉතිරිකර තබා මෙලොවින් නික්මෙන පර හැත්ත අපි වෙමු. ලජ්ජා විය යුතුය. ලියන මමද, කියවන උඹ ද එහි කොටස්කාරයින් වීම පිලිබද ලජ්ජා විය යුතුය.

සොභා මවුනි සමාවනු මැන.

Saturday, December 31, 2016

ආයුබෝවන් 2017

සුභ අලුත් අව්රුද්දක් වේවා කියල මුලින්ම ප්‍රාර්ථනා කරනව මගේ යාළුවෝ හැමෝටම. ගෙඩ දවසකට පස්සේ ආපහු මගේ බ්ලොග් එක පැත්තෙ එනන් නිවාඩුවක් ලැබුනා. මේ වසරෙදී ගොඩක් දැණුම ඔයාලත් එකක් බෙදාගන්න හිතාගෙන. ඉතින් එකතුවෙලා ඉන්න මාත් එකක් මේ අවුරුද්දේ ඔයාල හැමෝටම වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා.

ඉක්මනින්ම ආයෙත් එන්නම්.