Friday, November 12, 2010
ආදරය ආදරයම මිස අනෙකක් නොව..
විටෙක සුන්දර ය, තවත් වරෙක කුරිරු ය,
ආදරය යන වදන ඇසූ පමණින් බොහෝ දෙනා සිතන්නේ තරුණ තරුණියන් අතර ඇතිවන අදරය ගැන පමණි. මව්පියන් වෙතින් දරුවනට ලැබෙන ආදරය ගැන කතාවන්නේ බොහෝ සුලු වශයෙනි. සැබෑ ආදරය යනු දුකේදී මෙන්ම සැපේදී ද අප සමගම හිදිමින් සතුටේදී අප සමග සතුටු වෙමින් ද දුකේදී අප සමග ඒ දුක බෙදාගනිමින් ඉදිරියට කළයුත්තේ කුමක්දැයි කියා අපට මග පෙන්වන්නන් ය.
මව්පියන් මේ කාර්යය අතින් අගතැන් ගන්නා අතර එය කාල පරිච්ඡේදයකට සීමා නොවී, යටි පරමාර්තයන් රහිතව, මුලු හදවතින්ම තම දරුවන්ගේ සුභ සිද්ධිය උදෙසාම කටයුතු කරන නමුදු දරුවන් අතින් මව්පියන් හට එවැනි සැලකිල්ලක්, සොයා බැලීමක් සිදුවන්නේ ද යන සැකය අද මතු වෙමින් පැණ නගින ගැටලුවකි.
තම දරුවා උපන් මොහොතේ පටන් මව්පියන් මෙළොවින් සමුගන්නා තුරුම තම දරුවන් පිළිබද වූ ඇල්ම අත් නොහරී නමුත් ඔවුන්ගේ ඒ කැපකිරීමට දරුවන්ගෙන් නිසි සැලකිල්ලක් යොමුවී තිබුනේ නම් මෙරට තුළ මෙතරම් වැඩිහිටි නිවාස ස්තාපනය වන්නේ නැත.
මොහොතක් සිතන්න.
තමා දරුවකු ලෙස සැමදාම නොසිටින බව
දිනෙක ඔබ මවක් / පියෙක් වූ විටක කම දරුවන් අතින් තමාට එවැනි වරදක් වූවහොත්
සිතීම ඔබට භාරයි.
මතක් කර දීම අපගේ යුතුකමයි.
Subscribe to:
Posts (Atom)