Thursday, April 21, 2011

සුපුන් රුවන් පතිරණ: ලෝක විනාශය

සුපුන් රුවන් පතිරණ: ලෝක විනාශය

ලෝක විනාශය


මීට වසර 50කට පමණ පෙර සොයාගනු ලැබූ සෙල්ලිපියක් නිසා ලෝකය තුල කිසියම් විප්ලවයක් ආරම්භ වී ඇත. මීට වසර 50කට පමණ පෙර සොයාගනු ලැබූ මේ සෙල්ලිපිය පිළිබද අධ්‍යයනයන් සිදුකල පුරාවිද්‍යාඥයන් අනාවරණය කරගත් කරුනු වලට අනුව 2012 දෙසැම්බර් 21 වන දිනයෙන් පසුව ලෝකයේ ඉදිරි පැවැත්මක් සදහා සලකුනක් හෝ එදිනයෙන් පසුව සදහන්ව නොමැති බව අනාවරණය කරගෙන ඇති අතර මේ කරුණු මත පදනම් ව සිට පලකල විස්තරයන්ට අනුව 2012 දෙසැම්බර් 21 වන දිනයෙන් පසුව ලෝකයේ ඉදිරි පැවැත්මක් නොමැත. (පහතින් දැක්වෙන ලින්ක් 1ක් වෙතින් වැඩි විස්තර)

(http://www.2012theendoftheworld.net/how-does-the-mayan-long-count-calendar-predict-the-end-of-the-world.html)

මහා දාර්ෂණික පාකල් වෝටන් පර්‍ඩවරයා


1952 පමණ කාලයේදී මෙක්සිකෝවෙන් හමුවුණ සොහොන් ගැබක තිබී හමු වුණ පාකල් මහා දාර්ශණිකයාගේ මෘත දේහයත් ඒ අසල කරන ලද කැනීම් වලදී හමුවුණ ශිලා ලේඛණ ද 2012 දී ලෝකය විශාල ව්‍යසනයකට මුහුණ දෙන බව කියා ඇත. ඔහු විසින් ඉදිරිපත් කරන ලද කරුනුවලට අනුව පෘථුවි තලයේ තවත් කාලපරිච්ඡේදයක අවසානය වේ යැයි ඔහු විසින් අනාවැකියක් පල කර ඇති බව ඉහත කී ශිලා ලේඛන සාක්ෂි දරයි. ඔහු පවසන අන්දමට එකී පරිච්ඡේදයේ අවසානය මිනිසා විසින්ම ඇතිකරගන්නා එකකි. තාක්ෂණිකව සංවර්ධිත මිනිසා සොබාදහම පරයා ගොසින් ඊට එරෙහිව කටයුතු කරන්නට යාමෙන් කම්පාවන සොබාදහම ඔවුනට දඩුවම් ලබා දෙන බව ඔහුගේ ශිලා ලිපි ආශ්‍රයෙන් අනාවරණය කරගත් කරුණු අනුව හෙළි වෙයි. (පහතින් දැක්වෙන ලින්ක් වෙතින් වැඩි විස්තර)

http://www.2012doomsdays.com/pacalvotan.htm

http://en.wikipedia.org/wiki/Pakal_Votan#Jos.C3.A9_Arguelles.27_.22Pacal_Votan.22