Tuesday, November 19, 2019
අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම
Thursday, November 8, 2018
රාජ්‍ය ආයතනයන්හි අන්තර්ජාල ගෙවීම් කටයුතු
පහතින් දැක්වෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ අමතර ගාස්තුව දක්වා ඇති ආකාරයයි. (https://www.ceb.lk/instant-pay/en)
මෙහි රතු පැහැයෙන් සදහන් කොට ඇති ආකාරයට අමතර ගාස්තු ගෙවීමට සිදුවේ. තවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේද මේ ආකාරයෙන්ම මුදල් අයකරනු ලබයි. එහි දී ද අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවන බව ද දක්වයි. පහත ඇත්තේ එම විස්තර ඇතුලත් කර ඇති ආකාරයයි.
Sunday, April 29, 2018
ප්රථම වෙසක් දිනය
Tuesday, April 17, 2018
ආයුබෝවන් 2018
ලැබුවා වූ නව වසර සැමට සාමය සතුට සපිරෙන සුභ නව වසරක් වේවා කියා සැමට ප්‍රාර්ථනා කරනවා.
යලට මහට Update කරපු මගේ බ්ලොග් එක මේ අවුරුද්දේ ඉදන් දිගටම කරගෙන යන්න කියල තමයි හිතාගෙන ඉන්නේ බලමු අපි ඉඩකඩ ලැබෙන විදියට අලුත් ලිපි update කරන්න.
එහෙනම් ගිහින් එන්නම්
හැමෝටම සුභ නව වසරක් වේවා.
Sunday, February 25, 2018
වියරුව
පරිවර්තනය පටන්ගෙන හමාරය. දැන් එය නවතාලිය හැකි නොවන්නේ එය ආරම්භ වීම පිළිබඳව අප දැන සිටියද එය නවතාලීම සඳහා කිසිවක් අප විසින් නොකල නිසාමය. මේ විනාසය පිළිබඳ අනාවැකි පලකල වුන් සිටි නමුත් ඔවුන්ගේ බස් ඇසීමට පාලකයන්ට වුවමනාවක් නොතිබුණි. අප අද මේ විදින්නට පටන්ගෙන ඇත්තේ එහි ආරම්භයයි. අවසානයක් සිතාගත නොහැකි තරම් මහා විනාශයක අභිමුව සිටිනා අපට මෙහි අවසානය දැක ගැනීමට නොහැකි වන නමුත්, එහි ආරම්භක මුල් පියවරේ අවසන් පුරුක් වන අප ඒ පිළිබඳ ලජ්ජා විය යුතුය. එහි අනතුර මතු පරපුරට ඉතිරිකර තබා මෙලොවින් නික්මෙන පර හැත්ත අපි වෙමු. ලජ්ජා විය යුතුය. ලියන මමද, කියවන උඹ ද එහි කොටස්කාරයින් වීම පිලිබද ලජ්ජා විය යුතුය.
සොභා මවුනි සමාවනු මැන.
Saturday, December 31, 2016
ආයුබෝවන් 2017

ඉක්මනින්ම ආයෙත් එන්නම්.
Friday, January 30, 2015
පත්තිනි හෑල්ල (පළමු කොටස)
Friday, October 4, 2013
ප්රථම පාර්ලිමේන්තු මහ මැතිවරණය
1944 වසරේදී නීතිගත කරන ලද පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය යටතේ පළමුවරට පාර්ලිමේන්තුවක් පිහිටුවා එහි සභිකයින් තේරීම සදහා වූ ප්‍රථම ඡන්ද විමසීම 1947 වසරේ පැවැත්වීමට නියම විය. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය ලෙස ඉතිහාස පොතට එක්විය.
අද වන විට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඡන්ද මධ්‍යස්ථානයන්හි ඇති පත්‍රිකාවේ තම පරම අයිතිය කිසියම් වූ පක්ෂයක පුද්ගලයකු වෙනුවෙන් ලබාදීමේ ක්‍රමය ආරම්භ වූයේද ප්‍රථම වරට මෙම වසරේදීය. මින් පෙර පැවතියේ පාට ඡන්ද පෙට්ටි තුළට තම ඡන්දය ප්‍රකාශකිරීමේ ක්‍රමයයි. "කැපුවත් අපි කොළ" , "කැපුවත් අපි නිල්" යන මත ඒ වකවානුවේ ගොඩනැගුණු ඡන්ද වදන් වූයේය. අද වන විට ඒ මත යල්පැනගිය පුහු වචන බවට පත්ව ඇත්තේය.
ජීවිතය මතින්........
Wednesday, August 1, 2012
මිනිසා නොමිනිසා කරන මිනිසා
පාඩුවේ සිටින කිසිවකු අත්විදින නිදහස නොරිස්සන පුද්ගලයා මාන බලනුයේ ඔහුගේ හෝ ඇයගේ නිදහස නැතිකර දැමීමටය. මෙලෙස විටින් විට එකී නිහඩව සිටින පුද්ගලයා තුල ඇති ඉවසීමේ සීමව ඉක්මවා යාම තුල සමාජයේ තවත් අපරාධකාරයකු බිහිකරන්නට මංපාදන්නක් බව නොකිවමනාය. එය මනසක් ඇති කල්පනා ශක්තියක් ඇති කා හට උවත් වැටහෙන සත්‍යයකි.
යම්කිසි පුද්ගලයෙකු තම නිවසේ වේවා එවිට අසල්වාසීන්ගෙන්ද, කාර්යාලයේදී සහෝදර සේවකයින්ගෙන් ද, පාසලේදී හෝ වේවා වෙනත් අධ්‍යාපනික පංතියකදී සහෝදර ශිෂ්‍යයන්ගෙන්ද, වැඩිමනක් නොව පන්සලක දායක පිරිස පමණක් උව අපට උදාහරන වශයෙන් ගෙන කතාකල ගැකිය. මේ සෑම තැනකදීම සිද්ධවන ක්‍රියාදාමය එකිනෙකට වෙනස් නොවේ. මේ සෑම තැනකදීම කෙනෙකු පාගා ඉදිරියට යාමට දරන උත්සාහය අනන්තය එහි කෙළවරක් අපට මේ ආත්මයේදී නම් දකිනන්ට වැසනාව නොමැත. මෙකී සත්‍ය තේරුම් ගෙන වෙසෙන පිරිසක් ද සමාජයේ නැතුවාම නොවේ. ඔවුන් සැබෑවටම මිතුරන්ය. පාසලේ, පන්සලේ, පංතියේ, කාර්යාලයේ හෝ සමාජයේ වේවා කෙනෙකුට විපතක් කරදරයක් වෙන්නට ඇත්නම් ඒ ගැන දැනගත් මොහෝතේ ඔහු හෝ ඇයව දැනුවත් කර ඒ සදහා ගතයුතු නිවැරදිම තීරන පිළිබද දැනුවත් කරන පිරිසක්ද සමාජයේ නැතුවාම නොවේ. මා සම්පූර්ණම සුද්දවන්තයෙකු වශයෙන් නොගෙන මා කතාකල දේ සමහරුන්ගේ සිත් රිදවීමටත් කළ මෝඩකම් සිහි වෙන්නටත් සිතා මා හට දැනුණු දේ සමාජයේ ඇස් ඇරගෙන ජීවත්වන සාමාන්‍ය මිනිසකු මෙන් සිට කී කරුණු ඇතැම් විට වැරදි වන්නටද පුළුවන සත්‍ය වන්නටද පුළුවන එය තීරනය වන්නේ ඔබ විසින් මා ගැන ගන්නා තීරණය අනුව නොව ඔබ ඔබ විසින් ඔබ ගැන ගන්නා තීරණය මතය ඒ තුල සිට ඔබට මා වැරදි කාරයකු වන්නටද පුළුවන නිවැරදි කාරයකු වන්නටද පුළුවන තීරනය ඔබ සතුයි
ජයෙන් ජය!
Wednesday, November 16, 2011
මනසෙහි ශක්තිය
Thursday, October 6, 2011
සැනසුම් සුසුම් හෙලූ ජංගම දුරකතන
Saturday, October 1, 2011
විනාශයට පාර කපන වින්දනය
පෘතුවිය තුළ මනුෂ්‍යයා නමැති සත්වයා බිහිවීම ඒ සුන්දර පෘතුවියේ අවසානයට පාරකපන්නක් බව පෘතුවියත් මේ පෘතුවිය ඇතුළත් විශ්වයේ තර්ජනයක් වේ යයි කීම ඔබ විශ්මයකට පත්කරන්නක් නොව සංතාපයට පත්කරවන්නකි. පෘතුවිය මත ඇතිවූ මේ සත්වයා ජීවත්වන්නට එදිනෙදා කරන කටයුතු මේ මහා විනාශයට හේතුව යයි කීම වරදක් නැත.
මේ පෘතුවිතළයේ විනාශය සංකීර්ණ වන්නට පටන් ගත්තේ කාර්මික විප්ලවට සමගාමීව බව නොරහසකි කාර්මික විප්ලවයත් සමග මිනිසුන්ගේ අවශ්‍යතා තවතවත් සංකීර්ණ වන්නට පටන් ගත්හ. ඒ පටන්ගැන්ම දැන් උඩුදුවා හමාරය එදා පටන් නිපදවුණු සියළුම ආකාරයේ භාණ්ඩ මිනිසාගේ අවශ්‍යතා මත වේගයෙන් ව්‍යාප්ත වන්නට විය. මෙය කාර්මික විප්ලවයට ප්‍රථමත් සිදුවූ නමුත් කාර්මික විප්ලවයට පසු එම ක්‍රයාවලිය වේගවත් විය. මේ මා කියන්නට යන කාරනාව කාර්මික විප්ලවය මතම පැටවීම මා කරන වරදකි.
මිනිසාගේ ආරම්භයේ සිට අද දක්වා වූ විකාශණයේ දී මිනිසාගේ වින්දනීය අවශ්‍යතා මත නිපදවුනු බොහෝ උපකරණ විනාශයකට පාරකැපීමක් බව ඒ අවදියේ නොතේරුණද අද වන විට බොහෝ රටවල් ප්‍රමාණයක් මේ තිත්ත ඇත්ත පිළිගෙන හමාරය.
ඉහත මා කී මේ අවශ්‍යතා නිසා විශාල රැකියා ප්‍රමානයන් බිහිවී ඇති බව නොරහසකි. මිනිසා මිනිසාගේ අවශ්‍යතා මත මිනිසා විසින් පරිසරයේ සමතුළිතතාවය ගැන නොසලකා සිදුකරන ඇතැම් ව්‍යාපෘති නාසා අපටත් වඩා තර්ජනයකට ලක්ව සිටින්නේ අපගේ අනාගත පරපුරත් ඔවුන්ගේ දූ දරුවනුත් බව අපිටි නොසලකා හැරීමට පලුවන් කරුණක් නොවන බව නොරහසකි.
අප තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්සේ විසින් මීට වසර 2500කටත් ඉහත දේශනාකල සියලු දේ වින්දනයන්හි ගොනුව පවතී යන සමුබුද්ධ දේශනාවේ සත්‍යතාව අද අපිට තේරුම් ගතයුතුව ඇත. මක් නිසාද යත් අද වනවිට මිනිස් අවශ්‍යතාවන් මත පදනම් නොවී ඉටුකරන කිසිම ව්‍යාපෘතියක් නැති බවත්, මිනිස් අවශ්‍යතා සපුරාලීමට අප ජීවත්වන පරිසරයට සිදුකරන හානියත් ගැන ඔබ සිතාබලා තීරණයකට එළඹීම සුදුසු යයි මා සිතමි..........
සම්බුද්ධ දේශනා සදාකාලිකයි, පිළිපැදීමට හැකිනම් නිවනකරා එළඹීම පහසුබව වැටහේ...