Friday, October 4, 2013
ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණය
1944 වසරේදී නීතිගත කරන ලද පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය යටතේ පළමුවරට පාර්ලිමේන්තුවක් පිහිටුවා එහි සභිකයින් තේරීම සදහා වූ ප්‍රථම ඡන්ද විමසීම 1947 වසරේ පැවැත්වීමට නියම විය. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය ලෙස ඉතිහාස පොතට එක්විය.
අද වන විට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඡන්ද මධ්‍යස්ථානයන්හි ඇති පත්‍රිකාවේ තම පරම අයිතිය කිසියම් වූ පක්ෂයක පුද්ගලයකු වෙනුවෙන් ලබාදීමේ ක්‍රමය ආරම්භ වූයේද ප්‍රථම වරට මෙම වසරේදීය. මින් පෙර පැවතියේ පාට ඡන්ද පෙට්ටි තුළට තම ඡන්දය ප්‍රකාශකිරීමේ ක්‍රමයයි. "කැපුවත් අපි කොළ" , "කැපුවත් අපි නිල්" යන මත ඒ වකවානුවේ ගොඩනැගුණු ඡන්ද වදන් වූයේය. අද වන විට ඒ මත යල්පැනගිය පුහු වචන බවට පත්ව ඇත්තේය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment