Sunday, April 29, 2018
ප්‍රථම වෙසක් දිනය
Tuesday, April 17, 2018
ආයුබෝවන් 2018
ලැබුවා වූ නව වසර සැමට සාමය සතුට සපිරෙන සුභ නව වසරක් වේවා කියා සැමට ප්‍රාර්ථනා කරනවා.
යලට මහට Update කරපු මගේ බ්ලොග් එක මේ අවුරුද්දේ ඉදන් දිගටම කරගෙන යන්න කියල තමයි හිතාගෙන ඉන්නේ බලමු අපි ඉඩකඩ ලැබෙන විදියට අලුත් ලිපි update කරන්න.
එහෙනම් ගිහින් එන්නම්
හැමෝටම සුභ නව වසරක් වේවා.
Sunday, February 25, 2018
වියරුව
පරිවර්තනය පටන්ගෙන හමාරය. දැන් එය නවතාලිය හැකි නොවන්නේ එය ආරම්භ වීම පිළිබඳව අප දැන සිටියද එය නවතාලීම සඳහා කිසිවක් අප විසින් නොකල නිසාමය. මේ විනාසය පිළිබඳ අනාවැකි පලකල වුන් සිටි නමුත් ඔවුන්ගේ බස් ඇසීමට පාලකයන්ට වුවමනාවක් නොතිබුණි. අප අද මේ විදින්නට පටන්ගෙන ඇත්තේ එහි ආරම්භයයි. අවසානයක් සිතාගත නොහැකි තරම් මහා විනාශයක අභිමුව සිටිනා අපට මෙහි අවසානය දැක ගැනීමට නොහැකි වන නමුත්, එහි ආරම්භක මුල් පියවරේ අවසන් පුරුක් වන අප ඒ පිළිබඳ ලජ්ජා විය යුතුය. එහි අනතුර මතු පරපුරට ඉතිරිකර තබා මෙලොවින් නික්මෙන පර හැත්ත අපි වෙමු. ලජ්ජා විය යුතුය. ලියන මමද, කියවන උඹ ද එහි කොටස්කාරයින් වීම පිලිබද ලජ්ජා විය යුතුය.
සොභා මවුනි සමාවනු මැන.
Saturday, December 31, 2016
ආයුබෝවන් 2017
ඉක්මනින්ම ආයෙත් එන්නම්.
Friday, January 30, 2015
පත්තිනි හෑල්ල (පළමු කොටස)
Friday, October 4, 2013
ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණය
1944 වසරේදී නීතිගත කරන ලද පාර්ලිමේන්තු ආණ්ඩුක්රමය යටතේ පළමුවරට පාර්ලිමේන්තුවක් පිහිටුවා එහි සභිකයින් තේරීම සදහා වූ ප්‍රථම ඡන්ද විමසීම 1947 වසරේ පැවැත්වීමට නියම විය. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය ලෙස ඉතිහාස පොතට එක්විය.
අද වන විට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඡන්ද මධ්‍යස්ථානයන්හි ඇති පත්‍රිකාවේ තම පරම අයිතිය කිසියම් වූ පක්ෂයක පුද්ගලයකු වෙනුවෙන් ලබාදීමේ ක්‍රමය ආරම්භ වූයේද ප්‍රථම වරට මෙම වසරේදීය. මින් පෙර පැවතියේ පාට ඡන්ද පෙට්ටි තුළට තම ඡන්දය ප්‍රකාශකිරීමේ ක්‍රමයයි. "කැපුවත් අපි කොළ" , "කැපුවත් අපි නිල්" යන මත ඒ වකවානුවේ ගොඩනැගුණු ඡන්ද වදන් වූයේය. අද වන විට ඒ මත යල්පැනගිය පුහු වචන බවට පත්ව ඇත්තේය.
ජීවිතය මතින්........
Wednesday, August 1, 2012
මිනිසා නොමිනිසා කරන මිනිසා
පාඩුවේ සිටින කිසිවකු අත්විදින නිදහස නොරිස්සන පුද්ගලයා මාන බලනුයේ ඔහුගේ හෝ ඇයගේ නිදහස නැතිකර දැමීමටය. මෙලෙස විටින් විට එකී නිහඩව සිටින පුද්ගලයා තුල ඇති ඉවසීමේ සීමව ඉක්මවා යාම තුල සමාජයේ තවත් අපරාධකාරයකු බිහිකරන්නට මංපාදන්නක් බව නොකිවමනාය. එය මනසක් ඇති කල්පනා ශක්තියක් ඇති කා හට උවත් වැටහෙන සත්‍යයකි.
යම්කිසි පුද්ගලයෙකු තම නිවසේ වේවා එවිට අසල්වාසීන්ගෙන්ද, කාර්යාලයේදී සහෝදර සේවකයින්ගෙන් ද, පාසලේදී හෝ වේවා වෙනත් අධ්‍යාපනික පංතියකදී සහෝදර ශිෂ්‍යයන්ගෙන්ද, වැඩිමනක් නොව පන්සලක දායක පිරිස පමණක් උව අපට උදාහරන වශයෙන් ගෙන කතාකල ගැකිය. මේ සෑම තැනකදීම සිද්ධවන ක්‍රියාදාමය එකිනෙකට වෙනස් නොවේ. මේ සෑම තැනකදීම කෙනෙකු පාගා ඉදිරියට යාමට දරන උත්සාහය අනන්තය එහි කෙළවරක් අපට මේ ආත්මයේදී නම් දකිනන්ට වැසනාව නොමැත. මෙකී සත්‍ය තේරුම් ගෙන වෙසෙන පිරිසක් ද සමාජයේ නැතුවාම නොවේ. ඔවුන් සැබෑවටම මිතුරන්ය. පාසලේ, පන්සලේ, පංතියේ, කාර්යාලයේ හෝ සමාජයේ වේවා කෙනෙකුට විපතක් කරදරයක් වෙන්නට ඇත්නම් ඒ ගැන දැනගත් මොහෝතේ ඔහු හෝ ඇයව දැනුවත් කර ඒ සදහා ගතයුතු නිවැරදිම තීරන පිළිබද දැනුවත් කරන පිරිසක්ද සමාජයේ නැතුවාම නොවේ. මා සම්පූර්ණම සුද්දවන්තයෙකු වශයෙන් නොගෙන මා කතාකල දේ සමහරුන්ගේ සිත් රිදවීමටත් කළ මෝඩකම් සිහි වෙන්නටත් සිතා මා හට දැනුණු දේ සමාජයේ ඇස් ඇරගෙන ජීවත්වන සාමාන්‍ය මිනිසකු මෙන් සිට කී කරුණු ඇතැම් විට වැරදි වන්නටද පුළුවන සත්‍ය වන්නටද පුළුවන එය තීරනය වන්නේ ඔබ විසින් මා ගැන ගන්නා තීරණය අනුව නොව ඔබ ඔබ විසින් ඔබ ගැන ගන්නා තීරණය මතය ඒ තුල සිට ඔබට මා වැරදි කාරයකු වන්නටද පුළුවන නිවැරදි කාරයකු වන්නටද පුළුවන තීරනය ඔබ සතුයි
ජයෙන් ජය!
Wednesday, November 16, 2011
මනසෙහි ශක්තිය
Thursday, October 6, 2011
සැනසුම් සුසුම් හෙලූ ජංගම දුරකතන
Saturday, October 1, 2011
විනාශයට පාර කපන වින්දනය
පෘතුවිය තුළ මනුෂ්‍යයා නමැති සත්වයා බිහිවීම ඒ සුන්දර පෘතුවියේ අවසානයට පාරකපන්නක් බව පෘතුවියත් මේ පෘතුවිය ඇතුළත් විශ්වයේ තර්ජනයක් වේ යයි කීම ඔබ විශ්මයකට පත්කරන්නක් නොව සංතාපයට පත්කරවන්නකි. පෘතුවිය මත ඇතිවූ මේ සත්වයා ජීවත්වන්නට එදිනෙදා කරන කටයුතු මේ මහා විනාශයට හේතුව යයි කීම වරදක් නැත.
මේ පෘතුවිතළයේ විනාශය සංකීර්ණ වන්නට පටන් ගත්තේ කාර්මික විප්ලවට සමගාමීව බව නොරහසකි කාර්මික විප්ලවයත් සමග මිනිසුන්ගේ අවශ්‍යතා තවතවත් සංකීර්ණ වන්නට පටන් ගත්හ. ඒ පටන්ගැන්ම දැන් උඩුදුවා හමාරය එදා පටන් නිපදවුණු සියළුම ආකාරයේ භාණ්ඩ මිනිසාගේ අවශ්‍යතා මත වේගයෙන් ව්‍යාප්ත වන්නට විය. මෙය කාර්මික විප්ලවයට ප්‍රථමත් සිදුවූ නමුත් කාර්මික විප්ලවයට පසු එම ක්‍රයාවලිය වේගවත් විය. මේ මා කියන්නට යන කාරනාව කාර්මික විප්ලවය මතම පැටවීම මා කරන වරදකි.
මිනිසාගේ ආරම්භයේ සිට අද දක්වා වූ විකාශණයේ දී මිනිසාගේ වින්දනීය අවශ්‍යතා මත නිපදවුනු බොහෝ උපකරණ විනාශයකට පාරකැපීමක් බව ඒ අවදියේ නොතේරුණද අද වන විට බොහෝ රටවල් ප්‍රමාණයක් මේ තිත්ත ඇත්ත පිළිගෙන හමාරය.
ඉහත මා කී මේ අවශ්‍යතා නිසා විශාල රැකියා ප්‍රමානයන් බිහිවී ඇති බව නොරහසකි. මිනිසා මිනිසාගේ අවශ්‍යතා මත මිනිසා විසින් පරිසරයේ සමතුළිතතාවය ගැන නොසලකා සිදුකරන ඇතැම් ව්‍යාපෘති නාසා අපටත් වඩා තර්ජනයකට ලක්ව සිටින්නේ අපගේ අනාගත පරපුරත් ඔවුන්ගේ දූ දරුවනුත් බව අපිටි නොසලකා හැරීමට පලුවන් කරුණක් නොවන බව නොරහසකි.
අප තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්සේ විසින් මීට වසර 2500කටත් ඉහත දේශනාකල සියලු දේ වින්දනයන්හි ගොනුව පවතී යන සමුබුද්ධ දේශනාවේ සත්‍යතාව අද අපිට තේරුම් ගතයුතුව ඇත. මක් නිසාද යත් අද වනවිට මිනිස් අවශ්‍යතාවන් මත පදනම් නොවී ඉටුකරන කිසිම ව්‍යාපෘතියක් නැති බවත්, මිනිස් අවශ්‍යතා සපුරාලීමට අප ජීවත්වන පරිසරයට සිදුකරන හානියත් ගැන ඔබ සිතාබලා තීරණයකට එළඹීම සුදුසු යයි මා සිතමි..........
සම්බුද්ධ දේශනා සදාකාලිකයි, පිළිපැදීමට හැකිනම් නිවනකරා එළඹීම පහසුබව වැටහේ...
Sunday, August 28, 2011
අධිමානසික හැකියාව
දෙවන ලෝකයුද්ධය පැවති කාලයේ විසූ මේසිං යනු තවත් එවැනි පුද්ගලයෙකි. ඔහුට ඕනෑම පුද්ගලයෙකුගේ වේශයක් මවා පෙන්වීමට තරම් වූ බලයක් පැවති බව අසන්නට ලැබේ. ජීන් ඩික්සන් යනුද එවැනිම සිත දියුනු කල කාන්තාවකි මැය ප්‍රසිද්ධියට පත්ව සිටියේ අනාවැකි කියන්නියක ලෙසය. ඇය විසින් කියන ලද බොහෝ අනාවැකි සාර්ථක ඒවා විය. මෑතදී ඉංදියාවෙන් තවත් කුඩා දැරියකගේ විස්මිත හපන්කමක් ගැනද අපට දැනගන්නට ලැබිණි. ඇයට ඇයගේ දෑස් වසා තිබියදී පොත් කියවීමට, වර්ණ හදුනාගැනීමට, පුද්ගලයින් හදුනාගැනීමට වැනි හැකියාවක් තිබිණි. (මෙතනින් බලන්න) මෙලෙස ලෝකයේ දසදෙසින් මෙවැනි අරුමපුදුම හැකියාවන් ඇති අය අපට හමුවෙති. අපට හමුනොවන බොහෝ දෙනෙක් තවත් ඇතිබවට අනුමාන කළ හැකි කරුනු පවතී. ඉංදියාවේ හිමාලය පර්වතයෙහි වෙසෙන ඍෂීන් පිරිසක් සිටින බවට අනුමානකල හැකි සාදකධ පවතී.
මෙවැනි දස්කම් පෙන්වීමට ඇති හැකියාව බුදුදහම තුළදී හදුන්වන්නේ ඍද්ධි ප්‍රාතිහාරයන් ලෙසය. බුදු දහමට අනුව ඍද්ධි ප්රාතිහාර්යය පෑම භික්ෂූන්ට තහනම් වූවකි. මේ ගැන වැඩි තොරතුරු පසුදිනකදී පළකරන අතර එතෙක් මෙවැනි අධිමානසික හැකියාවන් ඇති පුද්ගලයින් පිළිබ්ද කරුණු ඉහත ඇති සම්බන්ධක මගින් කියවන්න.
තෙරුවන් සරණයි!
Monday, August 8, 2011
හැම විටම මගේ ළගම ඉන්න..........
අපි අපේ ජීවිතේ ඉපදුන දා පටන් කාගෙන්වත් පිහිටක් නැත්තම් ඒ කෙනා ලග ඉන්නේ නෑ ඒක තමයි ඇත්තම කතාව හැබැයි මම මේ කියන කතාව තිත්ත උනත් ඒක තමයි ඇත්ත ඇත්තටම කියනවනම් අපිට කාගෙන් හරි උදව්වක් නෑ කියල දැනුන ගමන් අපි ඒ කෙනා ලගින් අයින් වෙනව ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් පාඩු ලබන ආයතනයක් ඒ ආයතනයත් එක්ක වැඩ කරන්න කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ කියල ඔයාල දන්නවනේ අන්න ඒ වගේ තමයි අපි වටේ ඉන්න කවුරුත් අපේ ලග යම් දෙයක් තියෙනවනම් ඉදියි නැත්තම් අපිව අතඇරල වෙන කෙනෙක් ගාවට යනව මිනිස්සු කතාවට කියනවා මම ඔයාගේ හෙවනැලල් වගේ ඔයාගේ පස්සෙන්ම හැමදාම ඉන්නව කියල අන්න ඒ අයගෙන් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ මොකද හෙවනැල්ල හැමදාම අපිලග ඉන්නේ ආලෝකයක් තියෙනකන් විතරයි ආලෝකය නැත්තම් හෙවනැල්ල අපිලග නෑ...........
අනිත් එක තමයි අපිලග ඉන්න කවුරැත් බලන්නේ අපෙන් දෙයක් ලබාගන්න මොකද මේ ලෝකෙ කාටවත් හුදකලාව ජීවත්වෙන්න බෑ එහෙම කෙනෙකුට හුදකලාව ජීවත් වෙන්න පුලුවන් කියල කියනවනම් ඒක ලොකු විහිලුවක් මොකද මේ ලෝකේ කාටවත් තනියම ජීවත් වෙන්නබෑ කියල මෙලේ තියෙන ඕනෑම මනුස්සයෙක් දන්නව. අපි කවුරුත් එක්ක හැමදාම අපේ ලගින් ඉන්න කෙනෙකුත් මේ ලෝකේ ඉන්නවා ඒ කවුද කියල හැබැයි බොහෝ දෙනෙක් දන්නේ නෑ මොකද ගොඩක් අය ඒ ගැන හිතන්නේ නෑ. ටිකක් කල්පනාවෙන් හිතුවොත් මේ කලණමිතුරා අපිට මතක් වෙනවා. අපි ජීවිත කාලය තුලදී රැස්කරගත්ත කර්මය කියන මිත්‍රයා කළණ මිතුරා තමයි අපිත් ඒක්ක දුක සැප ෙදෙක්දිම අපිත් ඒකක් ඉන්ෙන් ෙම් මිත්‍රයා අපි කරන ලද කුසලාකුසල බල මහිමය මත ෙම් මිතුරාෙගන් අපිට වන බලපෑම ෙවනස් ෙවනවා ඒ් කියන්ෙන් ෙම් මිත්‍රයාව හැසිරවීෙම් පූර්ණ බලතල තිෙයන්ෙන් අෙප් අෙත්ම තමයි. අපි කරන කියන දේ අනුව තමයි මේ මිතුරාගෙන් අපිට වන බලපෑම තීරණය වන්නේ අපි නිරන්තරයෙන් හොදවැඩවල නිරත වෙනවානම් අපිට මිතුරාගෙන් හොද ප්‍රතිපල ලැබෙනවා යම් හෙයකින් අපේ සිතිවිළි ක්‍රියාව නොහොබිනා නැතිනම් වැරදි වැඩවලටම හිත යොදවල ඒ වැරදිත් එක්ක ජීවත් වුනොත් අපිට අපේ මිතුරාගෙන් හොදක් බලාපොරොත්තු වෙන්න බෑ...
දන්නවනේ මම කියන දේ මේ විදිහට අපිට ආදරය කරන කෙනා තමයි අපේ කර්මය අපේ කර්මය කියන මිතුරා විතරයි හොදේදිත් නරකෙදීත් අපිත් එක්ක ඉන්නේ ඉතින් යාලුවනේ අපේ හොදම මිතුරාව හොදින් හසුරුවාගන්න එක අපේ වගකීම තමයි. මේ මිතුරාව හොදින් හසුරුවා ගැනීම අපේ යුතුකම වගේම ඒක අපේ නිර්වාණය උදෙසාත් උපයෝගී කරගන්න නම් අපි අපේ ක්‍රියාව හොද කරගන්න ඕනේ එහෙම උනොත් ඉතාම කෙටි ආත්ම සංඛයාවකදී අපේ සංසාර ගමන නිමකරගත හැකිය.....
සංසාරයේ තමාගේ කළණමිතුරා තමාම වන බව මතකයේ තබාගැනීම ඔබේ යහපතටම හේතු වන්නේ ය.