Tuesday, November 19, 2019

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම

 http://www.star-clicks.com/publishers?ref=50465558  star-clicks යනු 100% ක් විශ්වාසී දැන්වීම් නරඹා මුදල් ඉපයිය හැකි වෙබ් අඩවියකි. ඉහත සබැදිය ඔස්සේ පිවිස ඔබත් ලියාපදිංචි වන්න

Thursday, November 8, 2018

රාජ්‍ය ආයතනයන්හි අන්තර්ජාල ගෙවීම් කටයුතු

පැසසුම් කල යුතු කාරණයක් වූවද,  ඒ ඒ ආයතනවල සේවය ලබා ගැනීමේදී ගෙවිය යුතුවන අමතර මුදල් ප්‍රමාණය සසදා බැලීමේදී එම අයකරගන්සානා මුදල දාරණද යන්න පිළිබද ගැටළුවක් මතුවේ. මින් පෙර  අවස්තාවක විදුලි බිල්පත ගෙවීමේදී ද මා හට ගෙවීමට සිදු වූ අමතර මුදල පිළිබදව කණගාටුවට පත්වීමි. ඊයේ දිනද එවැනිම කටයුත්තක් සිදු වුනි. ඒ නම් ආදායම් බලපත්‍රය ලබාගැනීමේදී මා හට ගෙවීමට සිදුවූ අමතර මුදල පිළිබදව මා කණගාටුවෙමි මන්ද රුපියල් 800යක මුදලක් සහ 116ක මුදලක් (රු.100ක් තැපැල් ගාස්තු හා රු.16ක සේවා ගාස්තුව) ගෙවීමට සිදුවීමයි. මේ ගෙවීම සාධාරනද යන්න ඔබගේ අදහස් දක්වන්න.

පහතින් දැක්වෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ අමතර ගාස්තුව දක්වා ඇති ආකාරයයි. (https://www.ceb.lk/instant-pay/en)



මෙහි රතු පැහැයෙන් සදහන් කොට ඇති ආකාරයට අමතර ගාස්තු ගෙවීමට සිදුවේ. තවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේද මේ ආකාරයෙන්ම මුදල් අයකරනු ලබයි. එහි දී ද අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවන බව ද දක්වයි. පහත ඇත්තේ එම විස්තර ඇතුලත්  කර ඇති ආකාරයයි.



මෙලෙස ගාස්තු අයකිරීම තුලින් සිදුවන්නේ මිනිසුන් මෙම සේවාවන් භාවිතාකිරීමෙන් ඉවත්වීම මිස ඒවා තවතවත් භාවිතා කිරීමට පෙළඹීම නොවේ. රජයක් විසින් කයිවාරු ගසමින් උත්සවශ්‍රීයෙන් වැඩකටයුතු ආරම්භ කිරීම පමණක් සිදුනොකල යුතුය ඒවා දිගුකලක් පවත්වාගෙන ක්‍රමවත්ව ගෙනයා යුතුය. මෙවැනි ක්‍රියා තුලින් සිදුවන්නේ මෙම ව්යාපෘති පාඩු ලබන ව්‍යාපෘති වීම පමණි. 

රජයක් විසින් කල්පනාකාරී විය යුත්තේ මිනිසුන්ගේ පහසුව උදෙසා වැඩකටයුතු සකස් කිරීමය. ඒවා වන් ලබා දී ඒ මත ගෙවිය යුතු බද්දක් නිර්මාණය කිරීම නොවේ. 

අන්තර්ජාල ගෙවීම් තුලින් ඉතිරිවන කාලය ලිපිද්‍රව්‍ය වියදම් අවමය නිසාවෙන් ඉතිරිවන ධනය සුලුපටු නොවේ යැයි මගේ හැගීමයි. 

මේ පිළිබදව ඔබගේ විවිද වූ අදහස් දැනගැනීමට කැමතියි. ඔබගේ අත්දැකීම් පහතින් කමෙන්ට් කරන්න

ස්තූතියි 





Sunday, April 29, 2018

ප‍්‍රථම වෙසක් දිනය

සර්වඥයන් වහන්සේ පිරිනිවන් පා වසර තුන් සියයක් පමණ ඉක්ම යනතුරුම උන් වහන්සේගේ තෙමඟුල වෙසෙසින් සැමරෙන වෙසක් උළෙලක් නොපැවති බැව් බෞද්ධ ඉතිහාසඥයින්ගේ මතයවේ.

සදහම් පණිවුඩය ලෝ දසත පතුරා බුදු දහම ලෝ දහම බවට පත් කිරීමට වෙර දැරූ අශෝක අධිරාජයාගේ සෙල් ලිපියකින් එවකට පැවති පෙරහැරක් පිළිබඳ තතු හෙළි වෙයි’ අලි ඇතුන් සහිත එම පෙරහැරේ දේව රූප ද ගෙන ගිය බව කියැවෙයි’ ඉන් පසු එවැනි උළෙලක් ගැන සඳහන් වනුයේ ඊට වසර අටසියයකට පමණ පසු ඉන්දියාවට පැමිණි පාහියන් නමැති චීන ජාතික දේශ සංචාරක භික්ෂුවගේ දේශාටන වාර්තාවෙහි ය. පාටලි පුත‍්‍ර නගරයේ පැවති පිළිම පෙරහැරක් පිළිබඳ ඔහුගේ විස්තරය පිළිවිසින ඉතිහාසඥයෝ එදා එසේ පවත්වන ලද්දේ වෙසක් උළෙල විය යුතු යයි නිගමනය කරති.

ඉන්දියාවේ මෙම උත්සවය වෛශාඛ පූර්ණිමා යනුවෙන් හඳුන්වනු ලැබේ.

දේවානම්පියතිස්ස රජතුමා (ක‍්‍රි. පු. 220-210) දෙවන වරට රාජාභිෂේක වූයේ ද වෙසක් පුන් පොහෝ දිනක දී ය. අනතුරුව දෙවනපෑතිස් මහ රජු සමයේ සිදු වූ මහින්දාගමනයෙන් පසු සතර පොහෝ දින ලක් වැසි දන උපෝසථයෙන් කල්ගත කළ බවට කරුණු හෙළිදරව් කරන මහා වංශය දුටුගැමුණු මහ රජතුමාගේ රාජ්‍ය කාලයේ වෙසක් උත්සව සූ විස්සක් පැවති බව සඳහන් කරයි. එතුමා රුවන්වැලිසෑය ගොඩනැඟීමට මුල්ගල තබන ලද්දේත් වෙසක් පුර පසළොස්වක බැව් සඳහන් වෙයි. මෙසේ හෙළ රජ දවස සිට තුන් සිංහලේ තෙමඟුල් දිනය ලෙස අබිමන් පෑ වෙසක් දින මහිමය බටහිර විදේශ ආක‍්‍රමණයෙන් පසු මිලිනවී ගියේ ය.

මෙරටට පැමිණි පෘතුගීසීන් විසින් 1770 නොවැම්බර් 1 වන දින සුවහස් කල් පැවති පොහෝ දින නිවාඩුව නැති කොට ඉරු දින නිවාඩු පණත සම්මත කරන ලදි.

වසර 300 කට ආසන්න පෘතුගීසි, ලන්දේසි, ඉංග‍්‍රිසි ආදී ත‍්‍රිවිධ බටහිර විදේශික ග‍්‍රහණ නිසා අඳුරු ආගාදයේ ගිලී තිබූ ශ‍්‍රී ලංකාවේ බෞද්ධ බලය යළි පුනර්ජීවය ලබන්නට වූයේ 1873 දී මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමිපාණන් වහන්සේ විසින් පැවැත්වූ පානදුරා වාදයේ අනුහසිනි.

වාදීහසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමිපාණන් වහන්සේගේ අභීත සිංහනාදයේ රාවය සත් සමුදුර තරණය කොට ගොස් ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල්  ඕල්කට්තුමාගේ දෙසවන නොවැකෙන්නට එවක නැග ආ බෞද්ධ පුනර්ජීවනය එතරම් ලෙහෙසියෙන් සිය අභිමතාර්ථයන් මස්තකප‍්‍රාප්ත කර ගැනීමට නොහැකිවනවා නොඅනුමානයි. එදා නැඟ ආ බෞද්ධ පුනර්ජීවනය දිග් විජය කරා මෙහෙයවනු වස් කෙරුණු අසිරිමත් ඇරයුමක් බඳු වූ පානදුරා වාදයේ කාහල නාදයෙන් කැළඹුණු  ඕල්කට්තුමා ලක්දිවට පැමිණ ඉටු කළ අනුපමේය අමරණීය සේවාව කුදු මහත් හැම සිංහලයෙකුගේම භක්ති ප‍්‍රණාමයට හේතු වෙමින් පවතී. 

කර්නල්  ඕල්කට් තුමා බ්ලැවැට්ස්කි මැතිණිය සමඟ 1880 මැයි 21 වැනි දින ගාල්ලට පැමිණියේ ය. ගාල්ලේ විජයානන්ද විහාරයේදී පූජ්‍ය අක්මීමණ ධර්මාරාම මාහිමිපාණන් වෙතින් පන්සිල් සමාදන්වී බුදු දහම වැළඳ ගත්තේය. පසුව කොළඹට පැමිණ බෞද්ධ ගිහි පැවදි උතුමන් හමු වී කරුණු සාක්ෂාත් කරගෙන 1880 ජුනි 17 දින පරම විඥානාර්ථ සමාගමේ කොළඹ ශාඛාව ඇරඹුවේය. එතැන් සිට ලක්දිව බෞද්ධ සංස්කෘතිය හා සභ්‍යත්වය දියුණු කිරීමට උරදුන් එතුමා විසින් සිංහල බෞද්ධයන් එ්කරාශී කොට පිබිදවීමටත්, උද්ඝෝෂණය කිරීමටත් සරසවි සඳරැස පත‍්‍රය අරඹන ලදි.

යුරෝපීය ආණ්ඩුව ලක්දිවට පැමිණ අවුරුදු තුන්සීයක් පමණ ගත විය. මේ කාලය තුළ දී මේ ආණ්ඩුවලින් බුද්ධාගමට පැමිණි නා නා විධ විපත් ඉතා මහති, බලහත්කාරයෙන් බෞද්ධයන්ට හිරිහැර දුන් ප‍්‍රතිකාල් ආණ්ඩුව මෙන් ද ක‍්‍රිස්තියානි වූවන්ට නිල තල දීම ගෞරව භාවයෙන් සැලකීම් ආදියෙන් බෞද්ධයන් බලහත්කාර ලෙසින් ක‍්‍රිස්තියානි කරවූ  ඕලන්දකාර ආණ්ඩුව මෙන්ද ක‍්‍රියා නොකළ නමුත් අපේ සර්ව සාධාරණ ඉංග‍්‍රීසි ආණ්ඩුවෙන් බුද්ධාගමට පැමිණි විපතුත් ස්වල්ප නොවෙයි.

මෙපවත් ලෙසින් සිය අයිතිවාසිකම් ලබා ගැනීමට ඉදිරිපත් වූ බෞද්ධාරක්ෂක සභාව  ඕල්කට්තුමාගේ යටත් විජිත භාර මහ ලේකම් වෙත යැවෙන සංදේශය ප‍්‍රධාන කරුණු සතරකින් සංගෘහිත කළහ.

1. 
සර්වඥයන් වහන්සේ ලොව පහළ වූ දවස ආණ්ඩුවේ නිවාඩු දවසක් කිරීම.

2. 
බෞද්ධ පෙරහැර නිරවුල් ලෙස නොහොත් පෙර පරිද්දෙන් බාධා රහිතව කිරීමට සලස්වා දීම.

3. 
ලංකාවේ විහාර, දේවාලගම් පවත්වා ගෙන යාම නිරවුල් ලෙස පවරා දීම.

4. 
බෞද්ධයන්ගේ විවාහ බන්ධනය කිරීමට බෞද්ධ විවාහ ලේකම්වරුන් පත් කරවා ගැනීම.

මෙම කරුණු සතර ඇතුළත් සංදේශය පිළිබඳ සම්පූර්ණ වගකීම  ඕල්කට්තුමා වෙත පැවරූ සිංහල බෞද්ධ ගිහි පැවිදි ප‍්‍රධානීහු එතුමා නිරනුමාණව, සහනදායක පිළිතුරු ලබා ගෙන එනු ඇතැයි ඒකාන්ත වශයෙන් විශ්වාස කළහ. එහි සඳහන් ප‍්‍රධාන ඉල්ලීම වූ වෙසඟ පුන් පොහෝ දිනය ප‍්‍රසිද්ධ නිවාඩු දිනයක් කිරීම සම්බන්ධයෙන් කලෙක පටන් ඔවුන් කළ ආයාචනය පිළිබඳව සරසවි සඳරැසෙ හි මෙසේ සඳහන් වෙයි.





නමුත් ආණ්ඩුව හයෙන් කොටසක් පමණ ක‍්‍රිස්තියානි ආගමේ නිවාඩු දවස් කොට අධිකරණ ශාලාදිය එකී දින වල වසතත් බෞද්ධයන්ගේ ආගම වශයෙන් ඉතා උතුම් අවකාශ දවසක් නොහොත් පුණ්‍ය කාලයක් ලෙස සලකන වෙසක් පුර පසළොස්වක් දවසවත් ආණ්ඩුවේ නිවාඩු දවස් නොකෙළේයි. ලංකාව බුද්ධාගමට කුල ගෘහයක් මෙනි. මෙහි වැසියන්ගේ ඉතා වැඩි කොටසක් ද බෞද්ධයෝය. මේ බෞද්ධයන් විසින් අවකාශ දවස් මෙන් නොහොත් ආගම් කටයුතු කරන දවස් මෙන් සලකන දවස් පණස් ගණනක් අවුරුද්ද තුළ තිබෙති. ලංකාවේ වැඩි දෙනා අදහන බුද්ධාගමේ නිවාඩු දවසක්වත් ආණ්ඩුවේ නිවාඩු දවසක් නොකොට පිටරටින් පැමිණි ආගන්තුක වූ ආගමක් අදහන ස්වල්ප දෙනාට ඒ ආගමේ කටයුතු කිරීමට අවුරුද්දෙන් හයෙන් කොටසක් අවකාශ කාලය කර පැවැත්වීම ඉංග‍්‍රීසි ආණ්ඩුවේ මහත් අයුත්තක් ලෙස සිතිය හැකිව තිබුණේයි. අනික් අතින් බෞද්ධයන් විසින් ඉතා උතුම් කොට සලකන මෙම වෙසඟ පුර පසළොස්වක් දින දී ලංකාංඩුව රාජ්‍ය කෘත්‍ය නොනවත්වා තිබීම කෙසේද කීවොත් මල්, පහන්, සුවද දුම් ආදිය රැගෙන වඳින පුදන පිණිසත්, සත්ධර්මය ශ‍්‍රවණය පිණිසත් පන්සල්වලට යන්නට සැරසී සිටින ජනයාට ඒ ගමන යන්නට එපාය කියා වචනයෙන් නොකියා ගමන වලක්වන පිණිස අධිකරණ ශාලාවට නැතිනම් කච්චේරියට එක්කෝ වෙනයම් රාජ කෘතියක් කිරීමට එන්ට කියා නියෝග කරන්නාක් මෙනි. මේ නිසා මෙකී දවස් රාජ කෘති නොනැවැත්ම බෞද්ධයන්ට බුද්ධාගම අදහන්ට ඉඩ නොදී කරන මහත් හිරිහැරයක්ය.

සමස්ත ලංකා ගිහි පැවිදි බෞද්ධයන්ගේ අයැදීම පරිදි 1884 පෙබරවාරි 08  කොළඹට පැමිණි කර්නල්  ඕල්කට් තුමා බෞද්ධාරක්ෂක සභාව මඟින් පිළියෙල කොට තිබූ සංදේශය යටත් විජිත මහ ලේකම් වෙත භාරදී සාකච්ඡුා කිරීම පිණිස එංගලංතය බලා ගියේය.

ඉන් පසු එතෙක්-මෙතක් වූ තත් සිදුවීම් හා ලැබූ ප‍්‍රථිඵල ගැනත් සරසවි සඳරැස උදම් ඇනුවේ මෙලෙසිනි.

ක‍්‍රිස්තු වර්ෂ 1880 වේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ විසි හත් වැනි දින නිකුත් කළ සරසවි සඳරැස පත‍්‍රයෙහි ද ඊට පසු නිකුත් කළ පත‍්‍රයක ද වෙසඟ පුර පසළොස්වක දින නිවාඩු දවසක් කිරීමේ යුතුකමත් එසේ කරවා ගැනීමට බෞද්ධ ජනයන් විසින් උත්සාහ කළ යුතු බවත් කියා දීර්ඝ වාක්‍ය දෙකක් ලියා පළ කළෙමු. ගිය අවුරුද්දේ පෙබරවාරි මාසයේදී කර්නල්  ඕල්කට් තුමා කොළඹ වාසී බෞද්ධයන්ගේ අයැදීම පිට ලංකාවට පැමිණි කාලයෙහි ලංකාංඩුව අතින් බෞද්ධයන්ට කරවාගත යුතුව තිබෙන දේ ගැන උතුමාණන් වහන්සේ සමඟ කතා කරද්දී  වෙසඟ පුර පසළොස්වක් දිනයත්, සිංහල අවුරුදු මංගල්‍ය දවසත් බෞද්ධයන්ගේ නිවාඩු දවසක් කිරීමේ යුතුකම සිප්කඩුවේ නායක ස්වාමිපාදයන් වහන්සේගේ අනුමතය පොදු ජනයා වෙනුවෙන් ප‍්‍රකාශ කොට කථා කෙළේය. මීට දෙතුන් දිනකට පසු විද්‍යොදය පිරිවෙණේ තෑගි බෙදා දෙන දවසේදී උතුමාණන් වහන්සේගේ එහි පැමිණීම සම්බන්ධව කථාබස් කර ගැනීමට නායක ස්වාමීන් වහන්සේ සමඟ කර්නල්  ඕල්කට් තුමා පැමිණි ප‍්‍රස්ථාවේදී ද මේ ගැන කථා කළ විට ඕල්කට් උතුමා එසේ කරන්නට කල්පනා කරන බව ඒ දෙපල සමඟ කී බව ඇසීමු, නමුදු ගිය අවුරුද්දේ වෙසක් පුර පසළොස්වක් දින දී කොහොම නමුත් ඒ නිවාඩුව නොලැබුණේයි, බෞද්ධ පෙරහැර නිරවුල් ලෙස කර ගැනීම ආදී බෞද්ධයන්ට ආගම අතින් ලංකාණ්ඩුව ලවා කරවා ගත යුතු කරුණු එංගලන්ත ආණ්ඩුවට මතක් කිරීම පිණිස කර්නල්  ඕල්කට් තුමා එංගලන්තයට පැමිණි කාලයෙහි ප‍්‍රදේශ භාර මහාමාත්‍යට ලංකාවේ බෞද්ධයන්ට  ඕනෑ කරන කරුණු මතක් කරද්දී ද හින්දු රට ඉංගිරිසි ආණ්ඩුව විසින් එහි වැඩි හින්දු වරුන්ට ආගම අතින් දී තිබෙන නිදහස ආදිය මතක් කරමින් මේ සම්බන්ධව කරුණු රාශියක් ගිය දෙසැම්බර් මාසයේ දී ආණ්ඩුවට ලියා තිබෙයි. කර්නල්  ඕලකට් තුමා ලංකාවට පැමිණි කාලයෙහිදී උතුමාණන් වහන්සේ සමඟ මේ ගැන කතා කළේය. එවිට ඇතැම් අයගේ සිංහල අවුරුදු දවස නිවාඩු දවසක් කර ගැනීමට කැමැත්තක් තිබෙන බැවින් දෙදවසක් දෙන්නට නොහැකි නිසා මෙයින් කොයි දවස තෝරා ගැනීමට බෞද්ධයන් කැමතිද යන වග ආණ්ඩුවට මතක් කරන්නට කියූ ලක උතුමා  ඕල්කට් තුමා බෞද්ධ ගිහි පැවිදි ප‍්‍රධානීන් කරා මේ සම්බන්ධව ලියුම් යැවුයේයි, මීට පසු වෙසඟ පුර පසළොස්වක් දින ආණ්ඩුවේ නිවාඩු දවසක් කොට ඒත්තු ගන්නා ලදැයි යන මේ ප‍්‍රීතිමත් ප‍්‍රවෘත්තිය අපට අහන්නට දකින්නට ලැබුණේයි. මේක ලංකාවාසී බෞද්ධ ජනයන්ට ලැබුණු මහත් ඓශ්චර්යයෙකි. මෙපමණ උතුම් වැඩක් බෞද්ධයාට කර දීමට අන්‍ය ජාතික අන්‍ය රටක උපන් මහතෙක් විසින් මෙපමණ මහත් උත්සාහයක් දැරීම කොපමණ උතුම් කොට සැලකිය යුතු ද? ලංකාවාසී බෞද්ධයන් කෙරෙහි මෙපමණ කරුණාවක් කර්නල්  ඕල්කට් තුමාගේ තිබේ ද යනු මෙයින් පෙනේ. මේ ඉසුර බෞද්ධයන්ට ගෙනදීමට ආණ්ඩුවට කාරණා මතක් කළ කර්නල්  ඕල්කට් තුමාට සහ සිප්කඩුවේ නායක ස්ථවිරයන් වහන්සේටද තව මේ ගැන උත්සාහ දැරූ කොළඹ වාසී බෞද්ධයන්ටද මුළු ලක්දිවම බෞද්ධ ජනයා විසින් එකහෙළා ස්තුති කටයුතුයි. 1885 මාර්තු 27 වැනි දින නිකුත් වූ ලංකාණ්ඩුවේ ගැසට් පත‍්‍රයේ පළ වූ නිවේදනයකින් වෙසක් දින නිවාඩුව ප‍්‍රකාශයට පත් වීමේ ප‍්‍රීතියෙන් ඇළලී ගිය ලාංකික බෞද්ධ ජනතාව රජයේ අනුමැතිය ලැබූ ප‍්‍රථම වෙසක් පොහෝ නිවාඩු දිනය ඉතා ඉහළින් පැවැත් විය.

ලාංකික බෞද්ධ ජන සමූහයා පමණක් නොව සමස්ත බෞද්ධ ලෝකයා පරමාරථ හා අධිෂ්ඨාන වශයෙන් එක් සේසත් කිරීම සඳහා සුසැදුණු බෞද්ධ ධජයක් මෙම ඓෙතිහාසික ප‍්‍රථම වෙසක් නිවාඩු දින ලක් දෙරණ මත ලෙළවීම පිණිස පිළියෙල කිරීම විශේෂ කමිටුවකට භාර කළහ. (වෙසක් කොඩිය ගැන වෙනම ලිපියක් පසුව ලියමි.)

කර්නල්  ඕල්කට් තුමාගේ මැදිහත් වීමෙන් වර්ධනය වූ බෞද්ධ පුනරුදයේ මහිමයෙන් මුල් වරට වෙසක් පුන් පොහෝ දින නිවාඩුව ලැබි හා පුරා ලක් දෙරණ මත බෞද්ධ ධජය සවණක් රැස් විහිදා ලෙළ දුන්හ. 

1885 වසරේ සිට වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක්  ලෙස පැවත පැමිණේ.



(බී.ඒ. හෙමපාල මහතාෙග් ජාතික සැමරුම් නම් කෘතිෙයන් උපුටා ගන්නා ලද්දකි.)

Tuesday, April 17, 2018

ආයුබෝවන් 2018

ලැබුවා  වූ නව වසර සැමට සාමය සතුට සපිරෙන සුභ නව වසරක් වේවා කියා සැමට ප්‍රාර්ථනා කරනවා.
යලට මහට Update කරපු මගේ බ්ලොග් එක මේ අවුරුද්දේ ඉදන් දිගටම කරගෙන යන්න කියල තමයි හිතාගෙන ඉන්නේ බලමු අපි ඉඩකඩ ලැබෙන විදියට අලුත් ලිපි update කරන්න.
එහෙනම් ගිහින් එන්නම්
හැමෝටම සුභ නව වසරක් වේවා.

Sunday, February 25, 2018

වියරුව

පරිවර්තනය පටන්ගෙන හමාරය. දැන් එය නවතාලිය හැකි නොවන්නේ එය ආරම්භ වීම පිළිබඳව අප දැන සිටියද එය නවතාලීම සඳහා කිසිවක් අප විසින් නොකල නිසාමය. මේ විනාසය පිළිබඳ අනාවැකි පලකල වුන් සිටි නමුත් ඔවුන්ගේ බස් ඇසීමට පාලකයන්ට වුවමනාවක් නොතිබුණි. අප අද මේ විදින්නට පටන්ගෙන ඇත්තේ එහි ආරම්භයයි. අවසානයක් සිතාගත නොහැකි තරම් මහා විනාශයක අභිමුව සිටිනා අපට මෙහි අවසානය දැක ගැනීමට නොහැකි වන නමුත්, එහි ආරම්භක මුල් පියවරේ අවසන් පුරුක් වන අප ඒ පිළිබඳ ලජ්ජා විය යුතුය. එහි අනතුර මතු පරපුරට ඉතිරිකර තබා මෙලොවින් නික්මෙන පර හැත්ත අපි වෙමු. ලජ්ජා විය යුතුය. ලියන මමද, කියවන උඹ ද එහි කොටස්කාරයින් වීම පිලිබද ලජ්ජා විය යුතුය.

සොභා මවුනි සමාවනු මැන.

Saturday, December 31, 2016

ආයුබෝවන් 2017

සුභ අලුත් අව්රුද්දක් වේවා කියල මුලින්ම ප්‍රාර්ථනා කරනව මගේ යාළුවෝ හැමෝටම. ගෙඩ දවසකට පස්සේ ආපහු මගේ බ්ලොග් එක පැත්තෙ එනන් නිවාඩුවක් ලැබුනා. මේ වසරෙදී ගොඩක් දැණුම ඔයාලත් එකක් බෙදාගන්න හිතාගෙන. ඉතින් එකතුවෙලා ඉන්න මාත් එකක් මේ අවුරුද්දේ ඔයාල හැමෝටම වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා.

ඉක්මනින්ම ආයෙත් එන්නම්.

Friday, January 30, 2015

පත්තිනි හෑල්ල (පළමු කොටස)

1.

පරසිදු පත්තිනි සද සැතපෙ                    න්නේ
සැතපුන නින්දට සීන පෙනෙ                 න්නේ
පාලග කඩුවක් ගත්තා වැ                       න්නේ
කඩුව නොවෙයි අඩුවයි දැනග                න්නේ

Friday, October 4, 2013

ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණය


1944 වසරේදී නීතිගත කරන ලද පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය යටතේ පළමුවරට පාර්ලිමේන්තුවක් පිහිටුවා එහි සභිකයින් තේරීම සදහා වූ ප්‍රථම ඡන්ද විමසීම 1947 වසරේ පැවැත්වීමට නියම විය. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය ලෙස ඉතිහාස පොතට එක්විය.

අද වන විට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඡන්ද මධ්‍යස්ථානයන්හි ඇති පත්‍රිකාවේ තම පරම අයිතිය කිසියම් වූ පක්ෂයක පුද්ගලයකු වෙනුවෙන් ලබාදීමේ ක්‍රමය ආරම්භ වූයේද ප්‍රථම වරට මෙම වසරේදීය. මින් පෙර පැවතියේ පාට ඡන්ද පෙට්ටි තුළට තම ඡන්දය ප්‍රකාශකිරීමේ ක්‍රමයයි. "කැපුවත් අපි කොළ" , "කැපුවත් අපි නිල්" යන මත ඒ වකවානුවේ ගොඩනැගුණු ඡන්ද වදන් වූයේය. අද වන විට ඒ මත යල්පැනගිය පුහු වචන බවට පත්ව ඇත්තේය.

ජීවිතය මතින්........

          ජීවිතය යනු මිනිසා ප්‍රශ්න හමුවේ තබන තවත් එක් රූපවාහිණී වැඩසටහනක් මෙන් යැයි හැගේ, කාලයක් සමග අප හමුවේ දිගහැරෙන ගැටළු සියල්ල අප ඉදිරිපත්ව සිටින ජීවිත තරගයේ ඉදිරි කඩඉම තීරණය කරන්නා වූ ගැටළු බව හෝ අවස්තාවල හැගෙන නොරහසකි. මව්කුසින් මෙළොව එළිය දකින දරුවාගේ පළමු ප්‍රශ්නය වන්නේ ජීවිතයට මුහුණ දෙනවාද ? නැතිනම් ජීවිතය හැරයානවාද ? යන ප්‍රශ්ණයයි. මේ ගැටළුවට ලයිෆ් ලයින් හෝ කෝලර් ෆ්‍රෙන්ඩ්ස් හෝ ආස්ක් දි ඕඩියන්ස් රුකුල් අවස්තා වන්හි උපකාර නොලැබේ. ජීවිත තරගයට එක්වන දරුවා මේ අභියෝගය ජයගන්නේ පෙර ආත්මයන්හි තමා විසින් කරන ලද විවිධ වූ  කුසලකර්මයන්ගේ බලයෙන් බව වටහාගත යුතු සත්‍යයකි. 

          මව්කුසින් මෙළොව එළියදුටු දරුවාගේ ජීවන තරගය ආරම්භ වූ මොහොතේ පටන් ඔහු තරගයෙන් ඉවත්වන තුරුම සමාජය නමැති වේදිකාව මත දක්වන්නා වූ රංගනයන් විටෙක තම මව්පියන්, නෑ හිත මිතුරන් මෙන්ම සමාජය පිනවීම ඔහු නිරායාසයෙන් කරනු ලබන දෑ නොවීය යයි කීම සාධාරණ වේ යයි හැගෙනු ඇත. බොහෝ විට ඔහුගේ මේ රංගනයන්හි පිටුපස කිසියම් වූ බලපෑමක් ඇත්තේ ය. 

          ජීවිතයට 


Wednesday, August 1, 2012

මිනිසා නොමිනිසා කරන මිනිසා

විධිමත් අධ්‍යාපනයක් ලබා හෝ නොළබා ඇත්තෙකු වූවද සමාජයෙන් බොහෝ දෑ උගනියි. ඒ හොද හෝ වේවා නරකක් හෝ වේවා එකිනෙකාගේ බුද්ධිමට්ටම් අනුව සමාජයේ වෙසෙන පිරිස විවිධාකාරී වූ ජීවන රටාවන්ගෙන් යුතු පුද්ගලයෝ වෙති. කෙනෙකුගේ දියුණුව නොරිස්සන, කෙනෙකුගේ අධ්‍යාපනය නොරිස්සන, තවකෙකුගේ අදහස් නොරිස්සන මෙන්ම විවිධාකාරවූ සමාජයේ ජීවත්වන මේ මිනිසා කියන සත්වකොට්ඨාශය තුල වෙසෙන (තිරි) මිනිසුන් විසින් සමාජයේ ස්වාධීනව වෙසෙන්නා කෙරෙහි ද්වේශයක්, ඊරිසියාවක් ගොඩනගාගනී එකී මිනිසාගේ ස්වාදීනත්වය පමණක් නොව ඒ පුද්ගලයාගේ ජීවනරටාවටම සාප කරමින් දැහැමින් ස්වාධීනව ජීවත්වන්නා යම් යම් දේවලට පොළබවා ගනිමින් ඔහුගේ හෝ ඇයගේ නාමය කෙළෙසීමට තැත් කරති මෙවැනි වූ කාලකන්නින්ගේ ක්‍රියාවන්ගේ ප්‍රථිපලයක් ලෙස සිරගෙවල් වල දැඩි තදබදයක්ද, උසාවි ලේඛනාගාර ගොඩගැසෙන්නට තරම් වූ පැමිණිලි පොත්වලින් පිරී පවතී රටේ මෙතරම් සමාජ පරිහානියක් සිදුවෙමින් පවතින කාළයක දැහැමිව ජීවත් වීම ඉතාමත් අසීරු කටයුක්තකි. එම (තිරිසන්) මිනිසුන් මාන බලනුයේ කෙසේ හෝ පුද්ගලයකුගේ නාමයට හානියක් කිරීමට නැතහොත් එම පුද්ගලයා සමාජයේ අපකීර්තියට පත්කිරීමටය. මෙවැනි වටපිටාවක ජීවත් වීම යනු දැලි පිහියෙන් කිරි කෑමක් වැනිය. කෙනෙකුට කරන යම්කිසි උපකාරයක් තවකෙකු දකිනුයේ ඔවුන්ගේ නරක හැසිරීමක් ලෙසය. ගැහැණියක් පිරිමියෙකු වෙත කරන උපකාරයක් වේවා, පිරිමියෙකු ගැහැණියකු වෙත කරන උපකාරයක් වේවා එය දකින පුද්ගලයා තුළ ඇතිවන්නේ ස්වේෂයක් හෝ වේවා ඊරිසියාවක් හෝ වේවා ඉන්පසු ඔහු හෝ ඇය මානබලනුයේ එකී පුද්ගලයන්ගේ චරිතයට කැළලක් ඇති කරන්නේ කෙසේද යන්නයි. මේ තුළින් ඇතැම්විට පවුල් කඩාකප්පල් වී විනාසවී යාමට පවා ඉඩක් ඇති බව ඔවුන් නොසිතන්නේ ඔවුන් තුළ හටගත් ඉරිසියාව ද්වේශය විසින් තම හර්දසාක්ෂිය වසාගෙන ඇති බවයි.

පාඩුවේ සිටින කිසිවකු අත්විදින නිදහස නොරිස්සන පුද්ගලයා මාන බලනුයේ ඔහුගේ හෝ ඇයගේ නිදහස නැතිකර දැමීමටය. මෙලෙස විටින් විට එකී නිහඩව සිටින පුද්ගලයා තුල ඇති ඉවසීමේ සීමව ඉක්මවා යාම තුල සමාජයේ තවත් අපරාධකාරයකු බිහිකරන්නට මංපාදන්නක් බව නොකිවමනාය. එය මනසක් ඇති කල්පනා ශක්තියක් ඇති කා හට උවත් වැටහෙන සත්‍යයකි.

යම්කිසි පුද්ගලයෙකු තම නිවසේ වේවා එවිට අසල්වාසීන්ගෙන්ද, කාර්යාලයේදී සහෝදර සේවකයින්ගෙන් ද, පාසලේදී හෝ වේවා වෙනත් අධ්‍යාපනික පංතියකදී සහෝදර ශිෂ්‍යයන්ගෙන්ද, වැඩිමනක් නොව පන්සලක දායක පිරිස පමණක් උව අපට උදාහරන වශයෙන් ගෙන කතාකල ගැකිය. මේ සෑම තැනකදීම සිද්ධවන ක්‍රියාදාමය එකිනෙකට වෙනස් ‍නොවේ. මේ සෑම තැනකදීම කෙනෙකු පාගා ඉදිරියට යාමට දරන උත්සාහය අනන්තය එහි කෙළවරක් අපට මේ ආත්මයේදී නම් දකිනන්ට වැසනාව නොමැත. මෙකී සත්‍ය තේරුම් ගෙන වෙසෙන පිරිසක් ද සමාජයේ නැතුවාම නොවේ. ඔවුන් සැබෑවටම මිතුරන්ය. පාසලේ, පන්සලේ, පංතියේ, කාර්යාලයේ හෝ සමාජයේ වේවා කෙනෙකුට විපතක් කරදරයක් වෙන්නට ඇත්නම් ඒ ගැන දැනගත් මොහෝතේ ඔහු හෝ ඇයව දැනුවත් කර ඒ සදහා ගතයුතු නිවැරදිම තීරන පිළිබද දැනුවත් කරන පිරිසක්ද සමාජයේ නැතුවාම නොවේ. මා සම්පූර්ණම සුද්දවන්තයෙකු වශයෙන් නොගෙන මා කතාකල දේ සමහරුන්ගේ සිත් රිදවීමටත් කළ මෝඩකම් සිහි වෙන්නටත් සිතා මා හට දැනුණු දේ සමාජයේ ඇස් ඇරගෙන ජීවත්වන සාමාන්‍ය මිනිසකු මෙන් සිට කී කරුණු ඇතැම් විට වැරදි වන්නටද පුළුවන සත්‍ය වන්නටද පුළුවන එය තීරනය වන්නේ ඔබ විසින් මා ගැන ගන්නා තීරණය අනුව නොව ඔබ ඔබ විසින් ඔබ ගැන ගන්නා තීරණය මතය ඒ තුල සිට ඔබට මා වැරදි කාරයකු වන්නටද පුළුවන නිවැරදි කාරයකු වන්නටද පුළුවන තීරනය ඔබ සතුයි



ජයෙන් ජය!


Wednesday, November 16, 2011

මනසෙහි ශක්තිය


දින කිහිපයක්ම ෆේස්බුක් හරහා මා නෙත ගැටුණු එක්තරා වැකියක් විය. එහි ඇත්ත නැත්ත පිළිබද මාගේ දැණුම් ප්‍රමාණයේ  හැටියට එහි ඇත්ත නැත්ත පිළිබද කෙටි විස්තරයක් කිරීමට කැමැත්තෙමි. සියලුම ජීවීන්ගේ ශරීරයෙහි කිසියම් වූ ශක්තියක් ඇත. එය සියලු දෙනාම දන්නා කරුණකි. 




මෙකී ශක්තියෙහි ස්වභාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. එම ජීවී ශක්තියෙහි ස්වභාවය තීරණය වන්නේ ඒ ඒ පුද්ගලයාගේ සිතෙහි උපදින සිතිවිලි වල ස්වභාවය අනුවය. එම සිතුවිළි යහපත් හා අයහපත් 
ලෙස වර්ග දෙකකකට බෙදෙන අතර යම් කිසි පුද්ගලයකු මෛත්‍රී සහගත සිතුවිලි වලින් පෝශණය වී නම් ඔහු ගේ ශරීරයෙන් පිටවන කිරණද යහපත් වේ. එමෙන්ම මෛත්‍රී සහගත සිතුවිළි සිත්හි පිහිටන විට මුහුණෙහි මාංශපේශී ළිහිල් වී ප්‍රසන්න පෙනුමක්ද අන්‍යන්ට ප්‍රිය මනාප ස්වභාවයක් ද ඔහු හෝ ඇය කෙරේ පිරිස් නම්මවාගත හැකි තරමේ බලයක් තම සිත්හි උපදින යහපත් සිතිවල උපකාරයෙන් මනුෂ්‍යයන්ට පමණක් නොව තිරිසන් සතුන්ට මෙන්ම අමනුෂ්‍යයන්ගෙන් ද රැකවරණය ලැබේ. මේ ආකාරයටම මෙහි විරුද්ධ පැත්ත ගත් කල ඒ ඒ මනුෂ්‍යයා යම්කිසි ආකාරයකට ද් වේශ සහගත සිතුවිළි වලින් සමන්විත නම් ඉහත කී කරුණු විරුද්ධාර්ථව බලපායි.  එවිට මුහුනෙහි පමණක් නොව මස්පිඩු තද වීම, රුධිර පීඩනය වැඩිවීම, අන්‍යයන් අප්‍රිය කරවන ස්වභාවය මෙන්න විෂ්වයේ විසිර පවතින අහිතකර ශක්ති ඒ පුද්ගලයා තුළට එකතුවීම සිදුවන අතර එවැනි පුද්ගලයන්ට කෙටි කාලීන ලාබ අත් වූවද ඔවුනට දීර්ඝ කාලීන පසුතැවීම් වලට ලක් වීමට සිදුවේ.






මේ අන්දමට තම සිතින් උපදින සිතුවිළි වලට අනුව කොපවූ කේන්තියට පත්වූ අවස්තාවක කෙනෙකුගේ රූපය ලස්සන වීම සිදුවිය නොහැකි කරුණකි. ඔයා තරහ ගියාම ලස්සනයි යනුවෙන් කියන්නේ බොහොම සුලු පිරිසකි. මේ සුලු පිරිස අප හදුන්වන්නේ පෙම්වතුන් නමිනි. ඔවුන්ගේ තරහව බොහො විට පෙන්වන්නේ සිත්හි පවත්නා දැඩි ආදරය තුළින එවිට ඔයා තරහ ගියාම ලස්සනයි කියන කාරනයේ යම් සත්‍ය තාවක් ඇත.
එය පොදුවේ හැමවිටම නොවන දෙයකි.

සිතෙහි ශක්තිය පිළිබදව ඉදිරි ලිපිවලදී සවිස්තරාත්මක විග්‍රහයක් කිරීමට බලාපොරොත්තු වෙමි.

Thursday, October 6, 2011

සැනසුම් සුසුම් හෙලූ ජංගම දුරකතන

අද ලෝකයේ බොහෝ දෙනෙක් අත ඇති කුඩා ඉලෙක්ට්‍රොනික උපාංගයක් තිබේ. ඒ ජංගම දුරකතනයයි. මේ උපකරණයේ සීග්‍ර ව්‍යාප්තියට සාපේක්ෂව ඒ හා ගොඩනැගුණු අතුරු කතා ද බොහෝ ප්‍රමාණයක් ඇත. ඉන් භයානකම කතාවක් වූයේ නිතර ජංගම දුරකතන භාවිතා කරන්නන්ට මොළයේ ගෙඩි හැදෙන බවය. 

වසර ගනණාවක් ලොව පුරා ජංගම දුරකතන භාවිතාකරණ විසිඅට ලක්ෂයකට ආසන්න සෙනගක් සම්බන්ධකරගෙන වසර 15ක් තරම් කාලයක් තිස්සේ සිදු කල පරීක්ෂණයක ප්‍රතිපලය ලෝකයාට නිරාවරණය කර ඇත. එය සුභ ආරංචියකි. දීර්ඝ කාලයක් ජංගම දුරකතන භාවිතා කලත් මොළයේ ගෙඩි නොසෑදෙන බවයි. නමුත් පර්යේශකයන් මෙය භාවිතා කිරීම අනතුරුදායක නැතැයි කියන්නේ නැත. ඔවුන්ගේ පර්යේශනයට අනුව ජංගම දුරකතනය එක් වැරැද්දකින් නිදහස ලබා ඇත. නමුත් ජංගම දුරකතන භාවිතයේ දී පිළිකා ඇතිවීමට ඉඩකඩ ඇති බව පර්යේශකයන් පවසයි. 

වැඩි විස්තර සදහා පහත සම්බන්ධකය හා සම්බන්ධ වන්න.