Friday, November 12, 2010

සුපුන් රුවන් පතිරණ: ආදරය ආදරයම මිස අනෙකක් නොව..

සුපුන් රුවන් පතිරණ: ආදරය ආදරයම මිස අනෙකක් නොව..

ආදරය ආදරයම මිස අනෙකක් නොව..

විටෙක සුන්දර ය, තවත් වරෙක කුරිරු ය,

ආදරය යන වදන ඇසූ පමණින් බොහෝ දෙනා සිතන්නේ තරුණ තරුණියන් අතර ඇතිවන අදරය ගැන පමණි. මව්පියන් වෙතින් දරුවනට ලැබෙන ආදරය ගැන කතාවන්නේ බොහෝ සුලු වශයෙනි. සැබෑ ආදරය යනු දුකේදී මෙන්ම සැපේදී ද අප සමගම හිදිමින් සතුටේදී අප සමග සතුටු වෙමින් ද දුකේදී අප සමග ඒ දුක බෙදාගනිමින් ඉදිරියට කළයුත්තේ කුමක්දැයි කියා අපට මග පෙන්වන්නන් ය.

මව්පියන් මේ කාර්යය අතින් අගතැන් ගන්නා අතර එය කාල පරිච්ඡේදයකට සීමා නොවී, යටි පරමාර්තයන් රහිතව, මුලු හදවතින්ම තම දරුවන්ගේ සුභ සිද්ධිය උදෙසාම කටයුතු කරන නමුදු දරුවන් අතින් මව්පියන් හට එවැනි සැලකිල්ලක්, සොයා බැලීමක් සිදුවන්නේ ද යන සැකය අද මතු වෙමින් පැණ නගින ගැටලුවකි.

තම දරුවා උපන් මොහොතේ පටන් මව්පියන් මෙළොවින් සමුගන්නා තුරුම තම දරුවන් පිළිබද වූ ඇල්ම අත් නොහරී නමුත් ඔවුන්ගේ ඒ කැපකිරීමට දරුවන්ගෙන් නිසි සැලකිල්ලක් යොමුවී තිබුනේ නම් මෙරට තුළ මෙතරම් වැඩිහිටි නිවාස ස්තාපනය වන්නේ නැත.

මොහොතක් සිතන්න.

තමා දරුවකු ලෙස සැමදාම නොසිටින බව
දිනෙක ඔබ මවක් / පියෙක් වූ විටක කම දරුවන් අතින් තමාට එවැනි වරදක් වූවහොත්
සිතීම ඔබට භාරයි.
මතක් කර දීම අපගේ යුතුකමයි.

Sunday, October 10, 2010

සැබෑ මිනිසා හදුනා ගැනීමට හැකිද?

මිනිසත් බව ලැබූ සියළුම මිනිසුන් මිනිසුන්ම නොවන බව ඔව්නොවුන්ගේ කල්කිරියාවෙන් පෙනෙන සත්‍යයකි. එය හදුනාගත් තැනැත්තා සැබෑ මිනිසත්කම හදුනනා මිනිසෙක්ම නොවන අවස්තා ද ඇති මෙන්ම නැති වෙන්නට ද හැකිය සැබෑ මිනිසා හදුනාගත හැකි මිනිසුන් මෙලොව මත සිටියද ඔවුන් හදුනා ගැනීමේ ගැටළුව සදහටම ඉතිරිව පවතී

3D තාක්ෂණය

ත්‍රිමාන තිර තාක්ෂණය


ත්‍රිමාන තිර තාක්ෂණය හෙවත් 3D Technology සිනමාවට පිවිසි අලුත්ම අංගයයි මෙහි උපත සිදුවූයේ 1922 දී ය. එවක තිබූ බොහෝ තාක්ෂණික ගැටළු මගහරිමින් මේ වන විට ඉතා උසස් අන්දමේ චිත්‍රපට බිහිවෙමින් තිබේ. Avatar ඊට හො‍්ම නිදසුනකි. ත්‍රිමාන තිර සිනමා තාක්ෂණය ලංකාවේ සිනමාවට හදුන්වා දීමට ෆයින් විෂන් ආයතනය මේවන විට කටයුතු කරමින් සිටින බව පසුගිය ඉරිදා ලංකාදීප පත්‍රයෙහි පළවූහ. මෙම තාක්ෂණයේ පෙරළිය වෛද්‍යවරැන් ගේ ප්‍රසාධයට නම් ලක්නොවන්නේය.






ඔවුන් පවසන්නේ සාමාන්‍යෙයන් ඇසට හසුවන රූපයන්ට බොහෝ වෙනස් අලුත්ම අන්දමේ රූප පෙළ මොළය මගින් හදුනා ගැනීම ස‍‍්දහා මොළය අධික ලෙස වෙහෙසෙන බවත් එයින් හිසේ කැක්කුම ඇතිවන බවත්ය. මේ පිළිබදව හේතු පළකල ඇමරිකාවේ පලවන සගරාවක් වන කන්සියුමර් රිපෝට්ස් සගරාවේ දක්වා තිබුනේ ත්‍රිමාන දර්ශන නරඹා පැමිනෙන සෑම සියදෙනෙකුගෙන් 15 දෙනෙකුටම ඔලුවේ කැක්කුම හා ඇසේ වේදනාව ඇතිවන බවත්ය.