Monday, August 8, 2011

හැම විටම මගේ ළගම ඉන්න..........

“මම ඔයාට ආදරෙයි, මට ඔයා නැතුව ඉන්න බෑ, මම ඔයාගෙ හෙවනැල්ල වගේ ඔයා ලගම ඉන්නවා“ මේ වගේ දේවල් අපිට නිතර දෙවේලේ අහන්න ලැබෙන දේවල් රූප පෙට්ටිය දැම්ම ගමන් යන බොළද කතාවල මේ වගේ දෙබස් අහලම එපා වෙලා ඇත්තටම කාට හරි අපිලග අපි මැරෙනකම් ඉන්නපුළුවන්ද හැමවෙලාවෙම අපි ලග ඉන්නපුළුවන්ද ඒත් මම කියන්න යන්නේ අපි ලග මැරෙනකම් ඉන්නපුලුවන් පුද්ගලයෙක් ගැන මම මොකක්ද මේ කියන්න යන්නේ කියල සමහරවිට ඔයාලට තාම පැහැදිළි වෙලා නෑ කියල මම දන්නව ඔහොම්මම මේක කියවගෙන යන්නකෝ මෙන්න මේකයි කතාව කතාවක් කිව්වට අනේ මන්ද මේක කතාවක්මද කියල ඔන එකක් කියවලම බලන්නකෝ..............

අපි අපේ ජීවිතේ ඉපදුන දා පටන් කාගෙන්වත් පිහිටක් නැත්තම් ඒ කෙනා ලග ඉන්නේ නෑ ඒක තමයි ඇත්තම කතාව හැබැයි මම මේ කියන කතාව තිත්ත උනත් ඒක තමයි ඇත්ත ඇත්තටම කියනවනම් අපිට කාගෙන් හරි උදව්වක් නෑ කියල දැනුන ගමන් අපි ඒ කෙනා ලගින් අයින් වෙනව ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් පාඩු ලබන ආයතනයක් ඒ ආයතනයත් එක්ක වැඩ කරන්න කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ කියල ඔයාල දන්නවනේ අන්න ඒ වගේ තමයි අපි වටේ ඉන්න කවුරුත් අපේ ලග යම් දෙයක් තියෙනවනම් ඉදියි නැත්තම් අපිව අතඇරල වෙන කෙනෙක් ගාවට යනව මිනිස්සු කතාවට කියනවා මම ඔයාගේ හෙවනැලල් වගේ ඔයාගේ පස්සෙන්ම හැමදාම ඉන්නව කියල අන්න ඒ අයගෙන් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ මොකද හෙවනැල්ල හැමදාම අපිලග ඉන්නේ ආලෝකයක් තියෙනකන් විතරයි ආලෝකය නැත්තම් හෙවනැල්ල අපිලග නෑ...........

අනිත් එක තමයි අපිලග ඉන්න කවුරැත් බලන්නේ අපෙන් දෙයක් ලබාගන්න මොකද මේ ලෝකෙ කාටවත් හුදකලාව ජීවත්වෙන්න බෑ එහෙම කෙනෙකුට හුදකලාව ජීවත් වෙන්න පුලුවන් කියල කියනවනම් ඒක ලොකු විහිලුවක් මොකද මේ ලෝකේ කාටවත් තනියම ජීවත් වෙන්නබෑ කියල මෙලේ තියෙන ඕනෑම මනුස්සයෙක් දන්නව. අපි කවුරුත් එක්ක හැමදාම අපේ ලගින් ඉන්න කෙනෙකුත් මේ ලෝකේ ඉන්නවා ඒ කවුද කියල හැබැයි බොහෝ දෙනෙක් දන්නේ නෑ මොකද ගොඩක් අය ඒ ගැන හිතන්නේ නෑ. ටිකක් කල්පනාවෙන් හිතුවොත් මේ කලණමිතුරා අපිට මතක් වෙනවා. අපි ජීවිත කාලය තුලදී රැස්කරගත්ත කර්මය කියන මිත්‍රයා කළණ මිතුරා තමයි අපිත් ඒක්ක දුක සැප ෙදෙක්දිම අපිත් ඒකක් ඉන්ෙන් ෙම් මිත්‍රයා අපි කරන ලද කුසලාකුසල බල මහිමය මත ෙම් මිතුරාෙගන් අපිට වන බලපෑම ෙවනස් ෙවනවා ඒ් කියන්ෙන් ෙම් මිත්‍රයාව හැසිරවීෙම් පූර්ණ බලතල තිෙයන්ෙන් අෙප් අෙත්ම තමයි. අපි කරන කියන දේ අනුව තමයි මේ මිතුරාගෙන් අපිට වන බලපෑම තීරණය වන්නේ අපි නිරන්තරයෙන් හොදවැඩවල නිරත වෙනවානම් අපිට මිතුරාගෙන් හොද ප්‍රතිපල ලැබෙනවා යම් හෙයකින් අපේ සිතිවිළි ක්‍රියාව නොහොබිනා නැතිනම් වැරදි වැඩවලටම හිත යොදවල ඒ වැරදිත් එක්ක ජීවත් වුනොත් අපිට අපේ මිතුරාගෙන් හොදක් බලාපොරොත්තු වෙන්න බෑ...

දන්නවනේ මම කියන දේ මේ විදිහට අපිට ආදරය කරන කෙනා තමයි අපේ කර්මය අපේ කර්මය කියන මිතුරා විතරයි හොදේදිත් නරකෙදීත් අපිත් එක්ක ඉන්නේ ඉතින් යාලුවනේ අපේ හොදම මිතුරාව හොදින් හසුරුවාගන්න එක අපේ වගකීම තමයි. මේ මිතුරාව හොදින් හසුරුවා ගැනීම අපේ යුතුකම වගේම ඒක අපේ නිර්වාණය උදෙසාත් උපයෝගී කරගන්න නම් අපි අපේ ක්‍රියාව හොද කරගන්න ඕනේ එහෙම උනොත් ඉතාම කෙටි ආත්ම සංඛයාවකදී අපේ සංසාර ගමන නිමකරගත හැකිය.....

සංසාරයේ තමාගේ කළණමිතුරා තමාම වන බව මතකයේ තබාගැනීම ඔබේ යහපතටම හේතු වන්නේ ය.