Sunday, August 28, 2011

අධිමානසික හැකියාව

අධිමානසික හැකියාව කියූ පමණින් අපට මතකයට නැගෙනුයේ විවිධ ආශ්චර්යයන් සිදුකිරීමක් ගැනය. ඔව් ඇත්තෙන්ම එය එසේමය. අධිමානසික හැකියාව යනු සාමාන්‍ය මිනිසාට කළනොහැකි ක්‍රියාවන් සිදුකිරීයි. අපට අන්තර්ජාලය වෙත පිවිසීමට හැකිනම් මෙවැනි පුද්ගලයින් ගැන සොයා ගැනීම එතරම් අසීරු නොවන්නේය. ෙම් ඒවැනි පුද්ගලෙයකි. යූරි ගේලර්
දෙවන ලෝකයුද්ධය පැවති කාලයේ විසූ මේසිං යනු තවත් එවැනි පුද්ගලයෙකි. ඔහුට ඕනෑම පුද්ගලයෙකුගේ වේශයක් මවා පෙන්වීමට තරම් වූ බලයක් පැවති බව අසන්නට ලැබේ. ජීන් ඩික්සන් යනුද එවැනිම සිත දියුනු කල කාන්තාවකි මැය ප්‍රසිද්ධියට පත්ව සිටියේ අනාවැකි කියන්නියක ලෙසය. ඇය විසින් කියන ලද බොහෝ අනාවැකි සාර්ථක ඒවා විය. මෑතදී ඉංදියාවෙන් තවත් කුඩා දැරියකගේ විස්මිත හපන්කමක් ගැනද අපට දැනගන්නට ලැබිණි. ඇයට ඇයගේ දෑස් වසා තිබියදී පොත් කියවීමට, වර්ණ හදුනාගැනීමට, පුද්ගලයින් හදුනාගැනීමට වැනි හැකියාවක් තිබිණි. (මෙතනින් බලන්න) මෙලෙස ලෝකයේ දසදෙසින් මෙවැනි අරුමපුදුම හැකියාවන් ඇති අය අපට හමුවෙති. අපට හමුනොවන බොහෝ දෙනෙක් තවත් ඇතිබවට අනුමාන කළ හැකි කරුනු පවතී. ඉංදියාවේ හිමාලය පර්වතයෙහි වෙසෙන ඍෂීන් පිරිසක් සිටින බවට අනුමානකල හැකි සාදකධ පවතී.
මෙවැනි දස්කම් පෙන්වීමට ඇති හැකියාව බුදුදහම තුළදී හදුන්වන්නේ ඍද්ධි ප්‍රාතිහාරයන් ලෙසය. බුදු දහමට අනුව ඍද්ධි ප්‍රාතිහාර්යය පෑම භික්ෂූන්ට තහනම් වූවකි. මේ ගැන වැඩි තොරතුරු පසුදිනකදී පළකරන අතර එතෙක් මෙවැනි අධිමානසික හැකියාවන් ඇති පුද්ගලයින් පිළිබ්‍ද කරුණු ඉහත ඇති සම්බන්ධක මගින් කියවන්න.
තෙරුවන් සරණයි!