Saturday, October 1, 2011

විනාශයට පාර කපන වින්දනය



පෘතුවිය තුළ මනුෂ්‍යයා නමැති සත්වයා බිහිවීම ඒ සුන්දර පෘතුවියේ අවසානයට පාරකපන්නක් බව පෘතුවියත් මේ පෘතුවිය ඇතුළත් විශ්වයේ තර්ජනයක් වේ යයි කීම ඔබ විශ්මයකට පත්කරන්නක් නොව සංතාපයට පත්කරවන්නකි. පෘතුවිය මත ඇතිවූ මේ සත්වයා ජීවත්වන්නට එදිනෙදා කරන කටයුතු මේ මහා විනාශයට හේතුව යයි කීම වරදක් නැත.

මේ පෘතුවිතළයේ විනාශය සංකීර්ණ වන්නට පටන් ගත්තේ කාර්මික විප්ලවට සමගාමීව බව නොරහසකි කාර්මික විප්ලවයත් සමග මිනිසුන්ගේ අවශ්‍යතා තවතවත් සංකීර්ණ වන්නට පටන් ගත්හ. ඒ පටන්ගැන්ම දැන් උඩුදුවා හමාරය එදා පටන් නිපදවුණු සියළුම ආකාරයේ භාණ්ඩ මිනිසාගේ අවශ්‍යතා මත වේගයෙන් ව්‍යාප්ත වන්නට විය. මෙය කාර්මික විප්ලවයට ප්‍රථමත් සිදුවූ නමුත් කාර්මික විප්ලවයට පසු එම ක්‍රයාවලිය වේගවත් විය. මේ මා කියන්නට යන කාරනාව කාර්මික විප්ලවය මතම පැටවීම මා කරන වරදකි.

මිනිසාගේ ආරම්භයේ සිට අද දක්වා වූ විකාශණයේ දී මිනිසාගේ වින්දනීය අවශ්‍යතා මත නිපදවුනු බොහෝ උපකරණ විනාශයකට පාරකැපීමක් බව ඒ අවදියේ නොතේරුණද අද වන විට බොහෝ රටවල් ප්‍රමාණයක් මේ තිත්ත ඇත්ත පිළිගෙන හමාරය.

ඉහත මා කී මේ අවශ්‍යතා නිසා විශාල රැකියා ප්‍රමානයන් බිහිවී ඇති බව නොරහසකි. මිනිසා මිනිසාගේ අවශ්‍යතා මත මිනිසා විසින් පරිසරයේ සමතුළිතතාවය ගැන නොසලකා සිදුකරන ඇතැම් ව්‍යාපෘති නාසා අපටත් වඩා තර්ජනයකට ලක්ව සිටින්නේ අපගේ අනාගත පරපුරත් ඔවුන්ගේ දූ දරුවනුත් බව අපිටි නොසලකා හැරීමට පලුවන් කරුණක් නොවන බව නොරහසකි.

අප තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්සේ විසින් මීට වසර 2500කටත් ඉහත දේශනාකල සියලු දේ වින්දනයන්හි ගොනුව පවතී යන සමුබුද්ධ දේශනාවේ සත්‍යතාව අද අපිට තේරුම් ගතයුතුව ඇත. මක් නිසාද යත් අද වනවිට මිනිස් අවශ්‍යතාවන් මත පදනම් නොවී ඉටුකරන කිසිම ව්‍යාපෘතියක් නැති බවත්, මිනිස් අවශ්‍යතා සපුරාලීමට අප ජීවත්වන පරිසරයට සිදුකරන හානියත් ගැන ඔබ සිතාබලා තීරණයකට එළඹීම සුදුසු යයි මා සිතමි..........

සම්බුද්ධ දේශනා සදාකාලිකයි, පිළිපැදීමට හැකිනම් නිවනකරා එළඹීම පහසුබව වැටහේ...