Friday, May 27, 2022

මඩොල්දූවට දැන් අවුරුදු හැත්තෑ පහයි


බාල, තරුණ, මහළු සැමට එකසේ රසවිඳිය හැකි වික්‍රමසිංහ මහතාගේ අග්‍රගනය වූ කෘති අතර සුවිසේශී ස්ථානයක් හිමිකරගන්නා "මඩොල් දූව" කෘතිය වර්ෂ 1947 මුල් වරට ප්‍රකාශයට පත්කරන ලදී ඒ් අදින් වසර 75ට පෙරය. ඒදා අද කියා වෙනසක් නොමැතිව තවමක් සැමට ඒක සේ රසවිඳිය හැකි කෘතියක් ලෙස මෙම කෘතිය ඉදිරියටද අපේ අනාගත පරපුරඳ වසඟයට ගනිමින් තවත් වසර ගණනාවක් ඉදිරියටත් මෙහි ජනප්‍රියත්වය පවතිනු ඇතැයි අපගේ විශ්වාසයයි.



"පල් හොරුන්" ගෙන් පටන් ගෙන "පියා හමුවීමෙ"න් අවසන් වන පරිච්ඡේද දහයක් පුරා විහිදී ගිය වීර වික්‍රමයන් අදටත් අපව මඩොල් දූවට කැඳවාගෙන යන සුන්දරත්වය මඩොල් දූව කියවූ සැමට මා අමුතුවෙන් මතක්කර දිය යුතු නොවේ. "උපාලි" ගේ දඩබ්බරකම් හා "ජින්නා"ගේ ඒකතුව මෙම කතාවේ රසවත් බවත්, කතාවට ඇඳ බැඳ තබාගැනීමට කතුවරයා මෙම චරිතයන්ට ලබා දූන් වීරත්වයත් තවම අප සිත් තුළ නොමැකෙන මතක ගබඩාකිරීමට තරම් කතුවරයා තුළ වූ දක්ශතාවය විස්මිතය.



ශ්‍රී ලංකාව තුළ පමණක් නොව විදෙස් රටවල පවා ගෞරවාදරයට පාත්‍රවූ කෘතියක් වන මෙම කෟතිය දැනට භාෂා දහයකට වැඩි ප්‍රමාණයකට පරිවර්ථනය වී ඇත.

  • ඉංග්‍රීසි භාෂාවට 1976
  • දමිළ භාෂාවට  2009
  • රුසියානු භාෂාවට 1958
  • චීන භාෂාවට 1961
  • රුමේනියන් භාෂාවට 1962
  • බල්ගේරියන් භාෂාවට 1964
  • ලන්දේසි භාෂාවට 1962
  • ඉතාලි භාෂාවට 2011
  • ජපන් භාෂාවට 2002
  • ස්වීඩන් භාෂාවට 2022

මේ වන විට සිංහල පිටපත් දස ලක්ෂයකට අධිකව අළෙවි වී ඇති මෙම ගුන්ථය පෙර සේම අදත් අද සේම මතුවටත් ඒකසේ පාඨක ආකර්ශණය දිනාගත් කෘතියක් වී හමාරය. අද පවා පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කොට ඇති මෙම කෘතිය නොබෝ දිනකින් ඊ-පබ් පිටපතක් ලෙස නිකුත් කිරීමට ද සූදානම්ව ඇති බව අප සතුටින් දැනුම් දෙමු.