Tuesday, May 3, 2011

කතරගම දෙවියන් උදෙසා යැවුණු ප්‍රථම සංදේශය.




ද කුමරු නොඑසේනම් කතරගම දෙවියන් වෙත යැවුණ පළමු සංදේශය රචනා වන්නේ කුමන රචකයෙක්කේගෙන්දැයි පැහැදිළි අනාවරණයක් නොමැත්තේය. නමුත් එය දික්වැල්ලේ සාමණේර නමින් වැඩවිසූ භික්ෂුවක් විසින් රචනා කරන ලද්දේ යයි විශ්වාසයක් තිබේ. නරේන්ද්‍ර රාජසිංහ නම් රජු සමයේ රචනා වූ මෙය රචනා කිරීමට පාදක වූයේ නරේන්ද්‍ර රාජසිංහ රජු හට දේව රැකවරණය ලබා ගැනීමටත්, දේවියට පුතකු ලබාගැනීමටත් බව කියවේ.

මෙහි සංදේශ දූතයා ලෙස කහ කුරුල්ලකු යොදා ගෙන ඇත. එහි දූත වර්ණනාව මෙසේය.

සැරද කසා කුරුලිදු - සුල කළ රුවන් රුවන්

පැහැද දිලෙයි විසිතුරු රන් රැස ලෙසි න
නිබද අමා තෙපුලෙන් වෙයි ලෙව් නද න

තොප ගුණ යසරුසිරු - පැවසිය හෙතිද කවුරු


නරේන්ද්රය රාජසිංහ රජුට දේව රැකවරණ ලබා ගැනීම සදහා මේ සන්නස රචනා වූ බව පහත දැක්වෙන මේ කවෙන් සාක්ෂාත් වේ.

පිරියසසින් සිව්රග සෙන් මැති සම ග
සිතැගි යෙහෙන් සිදුකර සිය නෑ සම ග
අභිත රුපුන් දුරුකර නිතියෙන් නොළ ග
අප නිරිදුන් රකිනට අයදු සිතු ර ග