“මම ඔයාට ආදරෙයි, මට ඔයා නැතුව ඉන්න බෑ, මම ඔයාගෙ හෙවනැල්ල වගේ ඔයා ලගම ඉන්නවා“ මේ වගේ දේවල් අපිට නිතර දෙවේලේ අහන්න ලැබෙන දේවල් රූප පෙට්ටිය දැම්ම ගමන් යන බොළද කතාවල මේ වගේ දෙබස් අහලම එපා වෙලා ඇත්තටම කාට හරි අපිලග අපි මැරෙනකම් ඉන්නපුළුවන්ද හැමවෙලාවෙම අපි ලග ඉන්නපුළුවන්ද ඒත් මම කියන්න යන්නේ අපි ලග මැරෙනකම් ඉන්නපුලුවන් පුද්ගලයෙක් ගැන මම මොකක්ද මේ කියන්න යන්නේ කියල සමහරවිට ඔයාලට තාම පැහැදිළි වෙලා නෑ කියල මම දන්නව ඔහොම්මම මේක කියවගෙන යන්නකෝ මෙන්න මේකයි කතාව කතාවක් කිව්වට අනේ මන්ද මේක කතාවක්මද කියල ඔන එකක් කියවලම බලන්නකෝ..............
අපි අපේ ජීවිතේ ඉපදුන දා පටන් කාගෙන්වත් පිහිටක් නැත්තම් ඒ කෙනා ලග ඉන්නේ නෑ ඒක තමයි ඇත්තම කතාව හැබැයි මම මේ කියන කතාව තිත්ත උනත් ඒක තමයි ඇත්ත ඇත්තටම කියනවනම් අපිට කාගෙන් හරි උදව්වක් නෑ කියල දැනුන ගමන් අපි ඒ කෙනා ලගින් අයින් වෙනව ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් පාඩු ලබන ආයතනයක් ඒ ආයතනයත් එක්ක වැඩ කරන්න කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ කියල ඔයාල දන්නවනේ අන්න ඒ වගේ තමයි අපි වටේ ඉන්න කවුරුත් අපේ ලග යම් දෙයක් තියෙනවනම් ඉදියි නැත්තම් අපිව අතඇරල වෙන කෙනෙක් ගාවට යනව මිනිස්සු කතාවට කියනවා මම ඔයාගේ හෙවනැලල් වගේ ඔයාගේ පස්සෙන්ම හැමදාම ඉන්නව කියල අන්න ඒ අයගෙන් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ මොකද හෙවනැල්ල හැමදාම අපිලග ඉන්නේ ආලෝකයක් තියෙනකන් විතරයි ආලෝකය නැත්තම් හෙවනැල්ල අපිලග නෑ...........
අනිත් එක තමයි අපිලග ඉන්න කවුරැත් බලන්නේ අපෙන් දෙයක් ලබාගන්න මොකද මේ ලෝකෙ කාටවත් හුදකලාව ජීවත්වෙන්න බෑ එහෙම කෙනෙකුට හුදකලාව ජීවත් වෙන්න පුලුවන් කියල කියනවනම් ඒක ලොකු විහිලුවක් මොකද මේ ලෝකේ කාටවත් තනියම ජීවත් වෙන්නබෑ කියල මෙලේ තියෙන ඕනෑම මනුස්සයෙක් දන්නව. අපි කවුරුත් එක්ක හැමදාම අපේ ලගින් ඉන්න කෙනෙකුත් මේ ලෝකේ ඉන්නවා ඒ කවුද කියල හැබැයි බොහෝ දෙනෙක් දන්නේ නෑ මොකද ගොඩක් අය ඒ ගැන හිතන්නේ නෑ. ටිකක් කල්පනාවෙන් හිතුවොත් මේ කලණමිතුරා අපිට මතක් වෙනවා. අපි ජීවිත කාලය තුලදී රැස්කරගත්ත කර්මය කියන මිත්‍රයා කළණ මිතුරා තමයි අපිත් ඒක්ක දුක සැප ෙදෙක්දිම අපිත් ඒකක් ඉන්ෙන් ෙම් මිත්‍රයා අපි කරන ලද කුසලාකුසල බල මහිමය මත ෙම් මිතුරාෙගන් අපිට වන බලපෑම ෙවනස් ෙවනවා ඒ් කියන්ෙන් ෙම් මිත්‍රයාව හැසිරවීෙම් පූර්ණ බලතල තිෙයන්ෙන් අෙප් අෙත්ම තමයි. අපි කරන කියන දේ අනුව තමයි මේ මිතුරාගෙන් අපිට වන බලපෑම තීරණය වන්නේ අපි නිරන්තරයෙන් හොදවැඩවල නිරත වෙනවානම් අපිට මිතුරාගෙන් හොද ප්‍රතිපල ලැබෙනවා යම් හෙයකින් අපේ සිතිවිළි ක්‍රියාව නොහොබිනා නැතිනම් වැරදි වැඩවලටම හිත යොදවල ඒ වැරදිත් එක්ක ජීවත් වුනොත් අපිට අපේ මිතුරාගෙන් හොදක් බලාපොරොත්තු වෙන්න බෑ...
දන්නවනේ මම කියන දේ මේ විදිහට අපිට ආදරය කරන කෙනා තමයි අපේ කර්මය අපේ කර්මය කියන මිතුරා විතරයි හොදේදිත් නරකෙදීත් අපිත් එක්ක ඉන්නේ ඉතින් යාලුවනේ අපේ හොදම මිතුරාව හොදින් හසුරුවාගන්න එක අපේ වගකීම තමයි. මේ මිතුරාව හොදින් හසුරුවා ගැනීම අපේ යුතුකම වගේම ඒක අපේ නිර්වාණය උදෙසාත් උපයෝගී කරගන්න නම් අපි අපේ ක්‍රියාව හොද කරගන්න ඕනේ එහෙම උනොත් ඉතාම කෙටි ආත්ම සංඛයාවකදී අපේ සංසාර ගමන නිමකරගත හැකිය.....
සංසාරයේ තමාගේ කළණමිතුරා තමාම වන බව මතකයේ තබාගැනීම ඔබේ යහපතටම හේතු වන්නේ ය.
Monday, August 8, 2011
Sunday, July 31, 2011
Sunday, June 19, 2011
Tuesday, May 3, 2011
කතරගම දෙවියන් උදෙසා යැවුණු ප්‍රථම සංදේශය.

කද කුමරු නොඑසේනම් කතරගම දෙවියන් වෙත යැවුණ පළමු සංදේශය රචනා වන්නේ කුමන රචකයෙක්කේගෙන්දැයි පැහැදිළි අනාවරණයක් නොමැත්තේය. නමුත් එය දික්වැල්ලේ සාමණේර නමින් වැඩවිසූ භික්ෂුවක් විසින් රචනා කරන ලද්දේ යයි විශ්වාසයක් තිබේ. නරේන්ද්‍ර රාජසිංහ නම් රජු සමයේ රචනා වූ මෙය රචනා කිරීමට පාදක වූයේ නරේන්ද්‍ර රාජසිංහ රජු හට දේව රැකවරණය ලබා ගැනීමටත්, දේවියට පුතකු ලබාගැනීමටත් බව කියවේ.
මෙහි සංදේශ දූතයා ලෙස කහ කුරුල්ලකු යොදා ගෙන ඇත. එහි දූත වර්ණනාව මෙසේය.
සැරද කසා කුරුලිදු - සුල කළ රුවන් රුවන්
පැහැද දිලෙයි විසිතුරු රන් රැස ලෙසි න
නිබද අමා තෙපුලෙන් වෙයි ලෙව් නද න
තොප ගුණ යසරුසිරු - පැවසිය හෙතිද කවුරු
නරේන්ද්රය රාජසිංහ රජුට දේව රැකවරණ ලබා ගැනීම සදහා මේ සන්නස රචනා වූ බව පහත දැක්වෙන මේ කවෙන් සාක්ෂාත් වේ.
පිරියසසින් සිව්රග සෙන් මැති සම ග
සිතැගි යෙහෙන් සිදුකර සිය නෑ සම ග
අභිත රුපුන් දුරුකර නිතියෙන් නොළ ග
අප නිරිදුන් රකිනට අයදු සිතු ර ග
Thursday, April 21, 2011
ලෝක විනාශය
මීට වසර 50කට පමණ පෙර සොයාගනු ලැබූ සෙල්ලිපියක් නිසා ලෝකය තුල කිසියම් විප්ලවයක් ආරම්භ වී ඇත. මීට වසර 50කට පමණ පෙර සොයාගනු ලැබූ මේ සෙල්ලිපිය පිළිබද අධ්‍යයනයන් සිදුකල පුරාවිද්‍යාඥයන් අනාවරණය කරගත් කරුනු වලට අනුව 2012 දෙසැම්බර් 21 වන දිනයෙන් පසුව ලෝකයේ ඉදිරි පැවැත්මක් සදහා සලකුනක් හෝ එදිනයෙන් පසුව සදහන්ව නොමැති බව අනාවරණය කරගෙන ඇති අතර මේ කරුණු මත පදනම් ව සිට පලකල විස්තරයන්ට අනුව 2012 දෙසැම්බර් 21 වන දිනයෙන් පසුව ලෝකයේ ඉදිරි පැවැත්මක් නොමැත. (පහතින් දැක්වෙන ලින්ක් 1ක් වෙතින් වැඩි විස්තර)
(http://www.2012theendoftheworld.net/how-does-the-mayan-long-count-calendar-predict-the-end-of-the-world.html)
මහා දාර්ෂණික පාකල් වෝටන් පර්‍ඩවරයා
1952 පමණ කාලයේදී මෙක්සිකෝවෙන් හමුවුණ සොහොන් ගැබක තිබී හමු වුණ පාකල් මහා දාර්ශණිකයාගේ මෘත දේහයත් ඒ අසල කරන ලද කැනීම් වලදී හමුවුණ ශිලා ලේඛණ ද 2012 දී ලෝකය විශාල ව්‍යසනයකට මුහුණ දෙන බව කියා ඇත. ඔහු විසින් ඉදිරිපත් කරන ලද කරුනුවලට අනුව පෘථුවි තලයේ තවත් කාලපරිච්ඡේදයක අවසානය වේ යැයි ඔහු විසින් අනාවැකියක් පල කර ඇති බව ඉහත කී ශිලා ලේඛන සාක්ෂි දරයි. ඔහු පවසන අන්දමට එකී පරිච්ඡේදයේ අවසානය මිනිසා විසින්ම ඇතිකරගන්නා එකකි. තාක්ෂණිකව සංවර්ධිත මිනිසා සොබාදහම පරයා ගොසින් ඊට එරෙහිව කටයුතු කරන්නට යාමෙන් කම්පාවන සොබාදහම ඔවුනට දඩුවම් ලබා දෙන බව ඔහුගේ ශිලා ලිපි ආශ්‍රයෙන් අනාවරණය කරගත් කරුණු අනුව හෙළි වෙයි. (පහතින් දැක්වෙන ලින්ක් වෙතින් වැඩි විස්තර)
http://www.2012doomsdays.com/pacalvotan.htm
http://en.wikipedia.org/wiki/Pakal_Votan#Jos.C3.A9_Arguelles.27_.22Pacal_Votan.22
Wednesday, January 12, 2011
ෙලාව අාදර්ශමත් පුද්ගලයා (2010)
මාර්ක් ෂූකර්බර්ග්
ෙලාව අාදර්ශවත්ම පුද්ගලයා ෙලස පසුගිය වසෙර් ඒනම් 2010 වර්ෂෙය් ෙතාරා පත්කරෙගන අැත්ෙත් ෙෆ්ස් බුක් මිතුරු හවුල නිර්මාණය කල මාර්ක් ෂුකර්බර්ග් ය.
1984 වන අවුරුද්ෙද් නිව්ෙයාක් හිදී උපත ලැබූ මාර්ක් 12 හැවිරිදි විෙයහිදී තම නිවෙස් මුල් වතාවට පරිගණක ජාලයක් තැනීය.
ඉන් ෙනානැවතුනු ඔහු 19 හැවිරිදි විෙයහිදී ඒනම් 2004 වසෙර්දී ඔහු විසින් හාවඩ් විශ්ව විද්‍යාලෙය් සිසුන් අතර ෙෆස් බුක් ෙස්වය අැරඹි අතර ඉන් වසර 6 ක් ඉක්මවූ 2010 වසර වන විට ෙමම ජාලෙයන් වැඩලන්නා පුද්ගලයින් ගණන මිලියන 55 කි.
දැනට 26 හැවිරිදි මාර්ක් ඇමරිකානු ඩොලර් බිලියන 6.9 ක් වන අති විශාල මුදල් සම්භාරයක හිමිකරුවෙකි.
2010 වසරේ ජනප්රිියම පුද්ගලයා වූ මාර්ක් හට ෆෙස් බුක් පරිහරණය කරන ශ්රීඅ ලාංකිකයන් සියළු දෙනාගේම මාගේ සුභාෂින්සන පිරිනමමි.
ෙලාව අාදර්ශවත්ම පුද්ගලයා ෙලස පසුගිය වසෙර් ඒනම් 2010 වර්ෂෙය් ෙතාරා පත්කරෙගන අැත්ෙත් ෙෆ්ස් බුක් මිතුරු හවුල නිර්මාණය කල මාර්ක් ෂුකර්බර්ග් ය.
1984 වන අවුරුද්ෙද් නිව්ෙයාක් හිදී උපත ලැබූ මාර්ක් 12 හැවිරිදි විෙයහිදී තම නිවෙස් මුල් වතාවට පරිගණක ජාලයක් තැනීය.
ඉන් ෙනානැවතුනු ඔහු 19 හැවිරිදි විෙයහිදී ඒනම් 2004 වසෙර්දී ඔහු විසින් හාවඩ් විශ්ව විද්‍යාලෙය් සිසුන් අතර ෙෆස් බුක් ෙස්වය අැරඹි අතර ඉන් වසර 6 ක් ඉක්මවූ 2010 වසර වන විට ෙමම ජාලෙයන් වැඩලන්නා පුද්ගලයින් ගණන මිලියන 55 කි.
දැනට 26 හැවිරිදි මාර්ක් ඇමරිකානු ඩොලර් බිලියන 6.9 ක් වන අති විශාල මුදල් සම්භාරයක හිමිකරුවෙකි.
2010 වසරේ ජනප්රිියම පුද්ගලයා වූ මාර්ක් හට ෆෙස් බුක් පරිහරණය කරන ශ්රීඅ ලාංකිකයන් සියළු දෙනාගේම මාගේ සුභාෂින්සන පිරිනමමි.
Saturday, November 20, 2010
Friday, November 12, 2010
ආදරය ආදරයම මිස අනෙකක් නොව..
විටෙක සුන්දර ය, තවත් වරෙක කුරිරු ය,
ආදරය යන වදන ඇසූ පමණින් බොහෝ දෙනා සිතන්නේ තරුණ තරුණියන් අතර ඇතිවන අදරය ගැන පමණි. මව්පියන් වෙතින් දරුවනට ලැබෙන ආදරය ගැන කතාවන්නේ බොහෝ සුලු වශයෙනි. සැබෑ ආදරය යනු දුකේදී මෙන්ම සැපේදී ද අප සමගම හිදිමින් සතුටේදී අප සමග සතුටු වෙමින් ද දුකේදී අප සමග ඒ දුක බෙදාගනිමින් ඉදිරියට කළයුත්තේ කුමක්දැයි කියා අපට මග පෙන්වන්නන් ය.
මව්පියන් මේ කාර්යය අතින් අගතැන් ගන්නා අතර එය කාල පරිච්ඡේදයකට සීමා නොවී, යටි පරමාර්තයන් රහිතව, මුලු හදවතින්ම තම දරුවන්ගේ සුභ සිද්ධිය උදෙසාම කටයුතු කරන නමුදු දරුවන් අතින් මව්පියන් හට එවැනි සැලකිල්ලක්, සොයා බැලීමක් සිදුවන්නේ ද යන සැකය අද මතු වෙමින් පැණ නගින ගැටලුවකි.
තම දරුවා උපන් මොහොතේ පටන් මව්පියන් මෙළොවින් සමුගන්නා තුරුම තම දරුවන් පිළිබද වූ ඇල්ම අත් නොහරී නමුත් ඔවුන්ගේ ඒ කැපකිරීමට දරුවන්ගෙන් නිසි සැලකිල්ලක් යොමුවී තිබුනේ නම් මෙරට තුළ මෙතරම් වැඩිහිටි නිවාස ස්තාපනය වන්නේ නැත.
මොහොතක් සිතන්න.
තමා දරුවකු ලෙස සැමදාම නොසිටින බව
දිනෙක ඔබ මවක් / පියෙක් වූ විටක කම දරුවන් අතින් තමාට එවැනි වරදක් වූවහොත්
සිතීම ඔබට භාරයි.
මතක් කර දීම අපගේ යුතුකමයි.
Sunday, October 10, 2010
සැබෑ මිනිසා හදුනා ගැනීමට හැකිද?
මිනිසත් බව ලැබූ සියළුම මිනිසුන් මිනිසුන්ම නොවන බව ඔව්නොවුන්ගේ කල්කිරියාවෙන් පෙනෙන සත්‍යයකි. එය හදුනාගත් තැනැත්තා සැබෑ මිනිසත්කම හදුනනා මිනිසෙක්ම නොවන අවස්තා ද ඇති මෙන්ම නැති වෙන්නට ද හැකිය සැබෑ මිනිසා හදුනාගත හැකි මිනිසුන් මෙලොව මත සිටියද ඔවුන් හදුනා ගැනීමේ ගැටළුව සදහටම ඉතිරිව පවතී
3D තාක්ෂණය
ත්‍රිමාන තිර තාක්ෂණය
ත්‍රිමාන තිර තාක්ෂණය හෙවත් 3D Technology සිනමාවට පිවිසි අලුත්ම අංගයයි මෙහි උපත සිදුවූයේ 1922 දී ය. එවක තිබූ බොහෝ තාක්ෂණික ගැටළු මගහරිමින් මේ වන විට ඉතා උසස් අන්දමේ චිත්‍රපට බිහිවෙමින් තිබේ. Avatar ඊට හෝම නිදසුනකි. ත්‍රිමාන තිර සිනමා තාක්ෂණය ලංකාවේ සිනමාවට හදුන්වා දීමට ෆයින් විෂන් ආයතනය මේවන විට කටයුතු කරමින් සිටින බව පසුගිය ඉරිදා ලංකාදීප පත්‍රයෙහි පළවූහ. මෙම තාක්ෂණයේ පෙරළිය වෛද්‍යවරැන් ගේ ප්‍රසාධයට නම් ලක්නොවන්නේය.
ඔවුන් පවසන්නේ සාමාන්‍යෙයන් ඇසට හසුවන රූපයන්ට බොහෝ වෙනස් අලුත්ම අන්දමේ රූප පෙළ මොළය මගින් හදුනා ගැනීම ස‍්දහා මොළය අධික ලෙස වෙහෙසෙන බවත් එයින් හිසේ කැක්කුම ඇතිවන බවත්ය. මේ පිළිබදව හේතු පළකල ඇමරිකාවේ පලවන සගරාවක් වන කන්සියුමර් රිපෝට්ස් සගරාවේ දක්වා තිබුනේ ත්‍රිමාන දර්ශන නරඹා පැමිනෙන සෑම සියදෙනෙකුගෙන් 15 දෙනෙකුටම ඔලුවේ කැක්කුම හා ඇසේ වේදනාව ඇතිවන බවත්ය.
Subscribe to:
Posts (Atom)