සිනමා තිරයෙන් යථාර්ථයට
අපි සිනමා නිර්මාණයක් බලන්නේ බොහෝ විට විනෝද වීමටයි; කතාවකට ඇදී යන දර්ශනවල සුන්දරත්වය විඳගැනීමටයි. නමුත් සමහර සිනමාකරුවන්ට සිනමාව යනු හුදෙක් විනෝදාස්වාද මාධ්‍යයක්ම නොවේ. එය අනාගත ලෝකය පිළිබඳව සිතන්නට, අනාගතය ප්‍රශ්න කරන්නට සහ සමහර විට අනාගතය සැලසුම් කරන්නට භාවිතා කළ ප්‍රබල මාධ්‍යයකි.
විශේෂයෙන්ම විද්‍යා ප්‍රබන්ධ (Science Fiction) සිනමාව, අද අප සාමාන්‍ය දෙයක් ලෙස භාවිතා කරන තාක්ෂණික මෙවලම් බොහෝමයකට මුල්ම අදහස ලබා දුන් මාධ්‍යයයි. සිනමාව කෙතරම් දුරට යථාර්ථයක් වී තිබේද යත්, සමහර අවස්ථාවලදී විද්‍යාව සිනමාව අනුකරණය කරනවා සේම, තවත් විටෙක සිනමාව විද්‍යාවට පාර පෙන්වන බව පෙනේ. සිනමාකරුවන් යනු අතිවිශිෂ්ට පරිකල්පන ශක්තියකින් ලෝකය දෙස වෙනස්ම මානයකින් බලන පිරිසක් ඉතින් මම මේ ලිපියෙන් ඔයාලට කියන්න හදන්නේ එදා සිනමාවේදීන් දුටු අද වෙනකොට යථාර්ථයක් වුන දේවල් කිහිපයක් ගැන. අපි එහෙනම් 20 වැනි සියවසේ මුල ඉඳලම පටන්ගමු.
සිනමා තිරයෙන් අභ්‍යවකාශයට
1902 දී A Trip to the Moon චිත්‍රපටය හරහා සඳට යාම යනු එදා සිනමා තිරයක පෙනුණු විහිළුවක් වැනි අදහසකි. නමුත් ඉන් වසර 67කට පසු, 1969 දී Apollo 11 මෙහෙයුම හරහා මිනිසා සැබෑවටම සඳ මත පා තැබුවේය. සිනමා පරිකල්පනයක් විද්‍යාත්මක යථාර්ථයක් වීමට දශක 6කට වැඩි කාලයක් ගතවුනා. ඒ වගේම 1968 දී තිරගත වූ 2001: A Space Odyssey චිත්‍රපටය මඟින් කෘතිම බුද්ධිය, අභ්‍යවකාශ මධ්‍යස්ථාන සහ වීඩියෝ ඇමතුම් වැනි සංකල්ප හඳුන්වා දුන්නේය. අද වන විට International Space Station 1998 සිට ක්‍රියාත්මක වෙමින් පවතින අතර, වීඩියෝ ඇමතුම් 2000 දශකයෙන් පසු සාමාන්‍ය භාවිතයකි. AI තීරණ පද්ධතිද 21වන සියවසේ වේගයෙන් වර්ධනය විය. එනම් එදා සිනමාවේ දැක්වූ අදහස් යථාර්ථයක් වීමට ගත වූ කාලය අවුරුදු 30 සිට 50 ක් වැනි කාලයක් තුල සැබෑවක් වී තිබේ.
යන්ත්‍ර, රොබෝ සහ මනුෂ්‍යත්වය 1927 දී Metropolis චිත්‍රපටය හරහා හියුමනොයිඩ් රොබෝවරුන් පිළිබඳ අදහස සමාජයට හඳුන්වා දුන්නේය. අද කාර්මික රොබෝ 1960 දශකයෙන් පසු කර්මාන්ත ලෝකයට පිවිස ඇති අතර, උසස් හියුමනොයිඩ් රොබෝවරු 21වන සියවසේ සංවර්ධනය වෙමින් පවතී. එනම් මෙම සිනමා අදහස තාක්ෂණික යථාර්ථයක් වීමට ගත වූ කාලය වසර 80 සිට 100 අතර කාල පරාසයකදී සැබෑ වෙමින් පවතී.
තවද, 1999 දී නිකුත් වූ Bicentennial Man චිත්‍රපටය AI සදාචාරය පිළිබඳ ගැඹුරු ප්‍රශ්න මතු කළේය. යන්ත්‍රයකට අයිතිවාසිකම් තිබිය යුතුද? සංවේදනා ඇති යන්ත්‍රයක් පුද්ගලයෙක්ද? මේ ප්‍රශ්න ලෝකය පුරා විද්‍යාත්මක සහ නීතිමය සංවාදයක් වශයෙන් 2010 දශකයෙන් පසු විශාල ලෙස වර්ධනය විය. එනම් එම සිනමා අදහස සමාජ සංවාදයක් වීමට ගත වූ කාලය දශක දෙකකටත් අඩු වීම තුළ තාක්ෂණික පෙරලියේ වෙගවත් බව අපට මතක්කරදෙයි, එමෙන්ම අතථ්‍ය යථාර්ථය සහ ඩිජිටල් ලෝකය වැනි අදහස්
1999 දී The Matrix චිත්‍රපටය තුළින් අතථ්‍ය යථාර්ථය පිළිබඳ දැඩි ප්‍රශ්න සමාජයට ඉදිරිපත් කළේය. අද VR තාක්ෂණ 2010 දශකයෙන් පසු ජනප්‍රිය වී ඇති අතර, Metaverse වැනි සංකල්ප 2020 දශකයේදී වර්ධනය වෙමින් පවතී. simulated digital immersion technology practical level එකට පැමිණීමට ගත වූ කාලය අවුරුදු 15 සිට 25 දක්වා කාල පරාසයන් අතර සිදුවී තිබේ.
කෘතිම බුද්ධිය සහ මිනිසා
2013 දී Her චිත්‍රපටය AI සහ මිනිසා අතර මානසික බැඳීමක් පිළිබඳ සංවේදී කතාවක් ඉදිරිපත් කළේය. අද conversational AI systems සහ voice assistants සාමාන්‍ය භාවිතයට පැමිණීමට ගත වූ කාලය දශකයකටත් අඩුය.
2014 දී Ex Machina AI ස්වයං පාලනය සහ අවදානම් පිළිබඳ අනතුරු ඇඟවූ අතර, AI regulation ලෝක ව්‍යාප්ත ප්‍රතිපත්ති සංවාදයක් වීමට ගත වූ කාලයද වසර 10කට අඩුය. මෙය අතිශය වේගවත් ගමනකි.
Star Trek මාලාවේ communicators → ජංගම දුරකථන නිර්මාණයේ
Concept එකේ සිට practical device දක්වා — වසර 10 සිට 15 අතර කාලය තුල වූ දියුණව අතිශයින්ම වේගවත්ය.
Iron Man හි holographic interfaces → mixed reality තාක්ෂණයන් සැබෑ වීමට
වසර 10 සිට 20 වැනි කෙටි කාලයන් තුලදී පෙන්වා ඇති දියුනුව අතිමහත්ය.
විද්‍යාඥයන් සහ සිනමාකරුවන් සෘජුවම සහයෝගයෙන් කටයුතු කරන අවස්ථාද බොහෝය. NASA උපදේශනයෙන් The Martian නිර්මාණය වූ අතර, භෞතික විද්‍යාත්මක නිරූපණය සඳහා කිප් තෝර්න්ගේ උපදේශනයෙන් Interstellar නිර්මාණය විය.
සිනමාව යනු හුදෙක් තිරයක දිස්වන කතාවක්ම නොවේ. එය අපට යා හැකි අනාගතයන් ගැන සිතා බැලීමට කෙරෙන ආරාධනාවකි. ඉතිහාසය අපට පෙන්වා දෙන්නේ එක් වැදගත් සත්‍යයකි: සිනමාවෙන් උපන් අදහසක් යථාර්ථයක් වීමට සමහර විට දශකයක්, සමහර විට සියවසක් ගත වේ. ඒ අනාගතය සුන්දරද, භයානකද යන්න තීරණය වන්නේ අද අප ගන්නා තීරණ මතයි.
විද්‍යා ප්‍රබන්ධ අපට පවසන්නේ එකම දෙයකි: අනාගතය එනතුරු බලා සිටීම ප්‍රමාණවත් නැත; ඒ ගැන සිතා, ප්‍රශ්න කර, වගකීමෙන් යුතුව එය නිර්මාණය කිරීමට අප සූදානම් විය යුතුය.
සුපුන් රුවන් පතිරණ
නිර්වාව
2026.02.14
No comments:
Post a Comment